Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 19:12:02 Hours

ආරක්‍ෂක ලේකම් මහනුවර දී සියලුම ආගමික උත්සවවල සහ රටේ ආරක්‍ෂාව පිළිබඳව සහතික කරයි

“දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට දිවයිනට පැමිණි එක්සත් ජනපද පුරවැසියන් සඳහා මීට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනය විවිධ සමාජ මාධ්‍ය ජාලයන් විසින් චෝදනා කරනු ලබන පරිදි ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොව, එය ඔවුන්ගේ සංචාරයන් පිළිබඳව ප්‍රවේශම් විය යුතු දැනුම්දීමක් බව එක්සත් ජනපද තානාපතිනි විසින් පැහැදිලි කර ඇත.  මේ අවස්ථාවේ දී වඩාත් දියුණු තාක්‍ෂණයක් ඇති ලෝකයේ ඕනෑම රටකට පවා ඔබ දන්නා පරිදි මහජනතාවගේ ආරක්‍ෂාව සියයට සියයක් සහතික කළ නොහැකිය. ආගමික වෙනස්කම් නොතකා ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය මෙන්ම තලවිල සහ නල්ලූර් කෝවිල් උත්සව වැනි දැවැන්ත ආගමික උත්සව පැවැත්වීම ඇතුළු රටේ ආරක්‍ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අප මේ වනවිට ගෙන තිබේ. ව්‍යාජ හා නොමඟ යවන තොරතුරු ලබාදීම වෙනුවට, කිසියම් සැක සහිත පුද්ගලයෙකු, පාර්සලයක් හෝ වෙනත් දෙයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට දැනුම්දීමේ වගකීම මහජනයාට ද ඇත” යනුවෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ අද (04) දින උදෑසන මහනුවර දී පැවසීය.

මහනුවර ප්‍රදේශයේ විශේෂ චාරිකාවක නිරතවූ ආරක්‍ෂක ලේකම්තුමන් පොලීසියේ, ත්‍රිවිධ හමුදාවේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම දියවඩන නිලමේ ඇතුළු සතර මහදේවාල භාර නියෝජිතයින් සමඟ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්තුමන් එහි පැමිණි මාධ්‍යවේදීන් සමඟ ද සුහදව සාකච්ඡා කළේය.

“අපි කොළඹ දී සාකච්ඡා වාර දෙකක් ඇතුළුව ආරක්‍ෂාව පිළිබඳ සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වූවා. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයට සියයට සියයක්ම ආරක්‍ෂක විධිවිධාන යොදාගනිමින් උපරිම ආරක්‍ෂාවක් සැපයීමට අපට හැකි වී ඇති බව කිසිම සැකයකින් තොරව මම ඔබට සහතික කර සිටිනවා. විදේශිකයන්ට සහ හෝටල්වල නතරවී සිටින සංචාරකයින්ට ලබා දී ඇති ආරක්‍ෂක පියවරයන් ද එසේමය. අපට අපගේ ආරක්‍ෂාව අත්හැර වගකීමකින් තොර රටක් ලෙස රැඳී සිටිය නොහැකියි. ජාතික ආරක්‍ෂාව අපගේ ප්‍රධානම වගකීම වන බැවින් අපි මෙම සාමාන්‍ය ජනජීවිතය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුව තිබෙනවා. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත අපගේ බුද්ධි අංශ, සන්නද්ධ හමුදාවන් සහ පොලීසිය ඉතා කෙටි කාලයක් තුළ ත්‍රස්ත සංවිධාන සහ අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් සෙවීමේ මෙහෙයුම් කරගෙන යාම පිළිබඳ ඔවුනට ස්තූතිවන්ත වෙනවා” යැයි ආරක්‍ෂක ලේකම්තුමන් පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳ අඛණ්ඩ පරීක්‍ෂණවලිදී, අයි.එස්.අයි.එස් හෝ වෙනත් විදේශීය සංවිධානයක් විසින් දියත් කර ඇති බවට විශ්වාස කිරීමට කිසිදු සම්බන්ධයක් තවමත් තහවුරු කරගෙන නොමැති නමුත් එම ප්‍රහාරයන් සහරාන්ගේ සහ ඔහුගේ සහායකයන්ගේ ‘මතවාදයට’ නිසැකවම බලපානු ඇතැයි ආරක්‍ෂක ලේකම්තුමන් පැවසීය. අපි සෑම අංශයකින්ම කටයුතු කරමින් සිටින අතර කිසිවෙකුටත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ අවිශ්වාස කිරීමට හේතුවක් නැත. “ආරක්‍ෂක හමුදාවන් සහ පොලිසිය සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ සහ දිවයිනට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සැකයක් ඇති කර නොගතයුතු බව” ආරක්‍ෂක ලේකම්තුමන් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Running Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%