Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2021 19:56:16 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි යාපනය ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අවුරුදු සුභපැතුම් පිරිනමයි

යාපනයේ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාවට සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (12) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූයේය. උත්සව සමයේදී සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව කඳවුරු තුළ රාජකාරි වල නිරත හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් අමතා ඔවුන් සිදුකරන රාජකාරිය ඇගයීමට ලක්කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වත්මන් ආරක්‍ෂක තත්ත්වය හා කොවිඩ් - 19 වසංගත තත්ත්වය පිළිබඳව ද ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඇතුලු නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පලාලි ගුවන් තොටුපළේ දී උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, පැවති ගුවන් හමුදා ආචාරයන්ගෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ත්‍රිවිධ හමුදා භටපිරිස් අමතනු ලැබීය.

සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සහභාගී වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දැඩි කැපවීම මත ජාතික ආරක්‍ෂාව රඳාපවතින බවත් ඔවුන්ගේ පරාර්ථකාමී ජාතික සේවය ද ඇගයීමට ලක්කළේය. එමෙන්ම, යාපනය අර්ධද්වීපයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් කරනු ලබන කැපකිරීම ද එතුමන් ඇගයීමට ලක්කළේය. මීට අමතරව ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේදී සහ සිවිල් හමුදා ප්‍රජා මූලික ව්‍යාපෘති ද එතුමන් අගයකිරීමට කටයුතු කළේය. තවදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති සුභසාධන වැඩසටහන් වලින්ද සිවිල් හා හමුදා සාමාජිකයින් ලබන ප්‍රතිලාභ පිළිබඳව ප්‍රකාශ කළේය.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය අර්ධද්වීපයේ සේවය කරන ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයින් නියෝජනය කරමින් යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනෙකු වෙත සමරු තිළිණ ප්‍රදානය කළේය.

ඉන් අනතුරු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයින් විසින් නවීකරණය කරන ලද බර වාහන ට්‍රක්, ට්‍රැක්ටර්, පාපැදි සහ තුන්රෝද රථ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත භාරදුන්නේය. පසුව, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හා සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ පොදු ගැටළු පිළිබඳව ද සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ බලඇණි වල සේවයේ නියුතු භටපිරිස් වෙත පරිත්‍යාග කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු ත්‍යාග ලබාදුන්නේය. Running sport media | Nike for Men