Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2020 14:30:16 Hours

ආරක්‍ෂක ගැටළු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

නීතිය හා සාමය පවත්වා ගෙන යන අතරම ප්‍රදේශයට උපරිම ආරක්‍ෂාව සහතික කිරීමේදී සම්බන්ධීකරණය ඉතා වැදගත් අංගයක් වන බැවින් සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම සහ නීති විරෝධී කටයුතු වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ඉකුත් අඟහරුවාදා (3) දින 572 වන බලසේනාවේදී ආරක්‍ෂක අවශ්‍යතා සම්බන්ධීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් පරිදි 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හොබවනු ලැබීය.

විශේෂ කාර්ය බලකාය ඇතුළුව සියලුම පොලිස් ස්ථාන භාර නිලධාරීන්, කොට්ටාශ ග්‍රාම නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහි වීම, නීති විරෝධී මත්පැන් විකිණීම, අපරාධ ක්‍රියාකාරකම්, මංකොල්ලකෑම් වැළැක්වීම යන කරුණු පිළිබඳ දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. 572 වන බලසේනාවේ බලසේනාධිපති සහ 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. latest Nike Sneakers | Jordan Release Dates , Iicf