Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 23:38:33 Hours

ආරක්‍ෂක උපදේශක ඇතුළු බ්‍රිතාන්‍ය හමුදා නියෝජිත පිරිස ඔක්තෝම්බර් මස සිදුකරනු ලබන අභ්‍යාසයේ සැලසුම් පිළිබඳව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟ සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ කර්නල් ඩේවිඩ් අෂ්මන් (Colonel David Ashman) සමඟින් බ්‍රිතාන්‍ය හමුදා නියෝජිතයින් හතරදෙනෙකු පසුගියදා දියතලාවේ පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී එහි ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ හමුවිය.

මෙම හමුවේදී, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව සහ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව එක්ව 2019 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘මානුෂීය ආධාර සහ ආපදා සහන’ අභ්‍යාසය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.

පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකරනු ලබන ව්‍යාපෘතින් මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ඇතිවන හදිසි ආපදා කළමනාකරණ අවස්ථාවන්හිදී දියත් කරනු ලබන සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා දක්වනු ලබන දායකත්වය පිළිබඳව නියෝජිත පිරිස සිය ස්තූතිය පුද කළහ. Nike sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD