29th December 2023 20:41:09 Hours
ආරක්ෂක සේනා මලස්ථානයේ ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යු.පී ගුණරත්න ආර්එස්පී එන්ඩ්යු පීඑස්සී අයිජි විසින් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තා සෙබළියෙකු සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28 ) දින නව නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබන ලදී.
තම දෙමාපියන් එම ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින්, ඇයගේ ඉල්ලීමකට අනුව මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපෘති කළමනාකරු සුගත් සෙනෙවිරත්න මහතා විසින් පර්චස් 20 ක ඉඩමක් වෙන් කරන ලදී. ආරක්‍ෂක සේනා මලස්ථානය - නැගෙනහිර ආඥාපතිගේ ඉල්ලීමකට අනුව (Gengasuthan Mylvaganam) ගෙන්ගසුතන් මයිල්වාගනම් මහතා විසින් අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු ලාන්ස් කෝප්‍රල් වරයෙකු වන ඇය නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමි රණවීර මහත්මිය ද සහභාගී විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භට පිරිස් විසින් නව නිවසය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා විශේෂඥ තාක්ෂණය හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදුකරනු ලබයි. මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානයේ - නැගෙනහිර ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී වූහ.