Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2017 08:37:23 Hours

ආරක්ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ හිටපු යුද්ධ හමුදාධිපති නව භාවනා මධ්‍යස්ථානයකට මුල්ගල තබයි

දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානයේ සෙනසුරාදා (21) දින පැවති, නවතමයෙන් ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) සමඟින් පරිත්‍යාගශීලින් රැසක් ද සහභාගි විය.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) ඇතුළු අනෙකුත් ආරාධිතයන් නවතමයෙන් ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානය සඳහා සුභ මොහොතින් මුලගල තැබීය.

කඳුබොඩ, සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල හිමි, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේමෙම අවස්ථාව සඳහා සහභාගි විය.

Sportswear Design | FASHION NEWS