Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 08:05:24 Hours

ආබාධිත රණවිරුවෙකුට නව රෝද පුටුවක් පරිත්‍යාග කරයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවය කරන 3 වන ගජබා රෙජිමේන්තුවේ ආබාධිත විරෝදාර රණවිරුවෙකුට එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය මඟින් ඉකුත් සඳුදා (11) දින නව රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.

වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් විසින් ඇටවූ බෝම්බයකට හසුවි බරපතල තුවාල ලැබූ මෙම විරෝදාර රණවිරුවාට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් එම රෝද පුටුව ප්‍රදානය කළේය.  මෙම රෝද පුටුව බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී කර්නල් එන්. මහවිතාන විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශිලියෙකු මෙම මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. Best Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth