Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2017 10:21:53 Hours

ආපදා තත්වයෙන් විපතට පත් දකුණේ සිසුන් සඳහා යාපනය විශ්ව විද්‍යාලීය සිසුන්ගෙන් ආධාර

සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් මෙම සත්කාරය සඳහා කොළඹට පැමිණි වහා ඔවුන්ගේ අරමුණ පිළිබඳව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත දැනුම් දිමෙන් පසු එතුමා විසින් පාසල් උපකරණ මිළදි ගැනිමේ කටයුතු සංවිධානය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය. ඒ අනුව එම සිසුන් විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලින් යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව 1 සිට 13 වසර දක්වා වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකු සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබුහ.

අනතුරුව, යාපනය විශ්ව විද්‍යාල සිසුන් කුකුලේ ගඟ ප්‍රදේශයට පැමිණ මොල්කාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගංවතුරෙන් විපතට පත් සිසුන් වෙත මෙම පාසල් උපකරණ ලබාදුන් අතර, අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

මේජර් ජෙනරාල් සේනානායක විසින් විශේෂ බළකායේ මුලස්ථාන බලඇණියේ සහයෝගය ඇතිව මෙම සත්කාරයේ නියුතු විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන, ආහාර සහ නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබු අතර, මෙම ව්‍යපෘතීය සාර්ථක කර ගැනිම සඳහා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක (IPSOTSL) සහ නුඳුරේදි ලේබනන් සාම සාධක මෙහෙයුම් රාජකාරින් සඳහා යාමට නියමිත බලඇණියේ අණදෙන නිලධාරි විසින් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

spy offers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger