27th October 2023 21:00:45 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් මව්පියන් නොමැතිව සිය මිත්තණිය සමඟ දිවිගෙවු අට හැවිරිදි දරුවෙකු වෙනුවෙන් මහවැව, කොලකනවාඩි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරනු ලැබීය.
කුඩා වියේදීම තම පියා අහිමිව සිටි 8 හැවිරිදි නිලූෂ චමිදු කුමාර ගේ මව අනපේක්‍ෂිත ලෙස ආබාධිත තත්ත්වයට පත්වී ඇත. කෙසේ වෙතත්, ඔහුගේ මිත්තණිය ඔහුගේ වගකීම භාරගත් නමුත් ඔවුන්ට ස්ථීර වාසස්ථානයක් නොමැතිව දිවිගෙවූහ.
එම දරුවා සහ ඔහුගේ මිත්තණියගේ අවශ්‍යතාවය පිළිබඳ භටපිරිස් දැනුවත් වූ විගස එම දරුවාගේ 8 වන ජන්ම දිනය වෙනුවෙන් නව නිවසක් ඉදිකර එම නිවස පසුගිය බදාදා (25) දින ඔවුන් වෙත පවරාදෙනු ලැබිණි. ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලීන් ව්‍යාපෘතිය සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය.
නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි වූ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ. නව නිවස පවරාදීමෙන් අනතුරුව ඔවුන් වෙත පාසල් උපකරණ, ගෘහ උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ද එහිදී පරිත්‍යාග කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම හා 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.අයි.එස්. චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.