Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2016 19:44:53 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ දී නව අවුරුදු සැමරේ

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් අම්පාර සටන් පුහුණු පාසල මඟින් සංවිධානය කළ නව අවුරුදු උත්සවය එම පාසල් ක්‍රීඩා පිටියේ දී සෙනසුරාදා (23) දින නිලධාරි හා සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බන්සජයා විසින් සම්ප්‍ර‍දායික පොල්තෙල් පහන දැල්වීමෙන් පසු එදා සිට පැවත එන ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවය ආරම්භ කෙරිනි. සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල පිරිස් ද මෙම අවුරුදු උත්සවය පැවති කාලය පුරා එහි ඇතුලත්ව තිබූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල පවතින සම්ප්‍ර‍දායික ජන ක්‍රීඩා ඉසව්වලට සහභාගි වී උපරිම විනෝදයක් ලැබීය. එම අවුරුදු උත්සවය අවසානයේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සංගීත කණ්ඩායම විසින් පස්වරුවේ සංගීත සැඳෑවක් ද පැවැත්වුයේ පැමිණ සිටි පිරිස රසවත් කරමිනි.Nike Sneakers Store | youth nike kd low tops orange , Nike Air Max , Iicf