18th November 2023 00:15:16 Hours
කුඩාඔය ප්‍රදේශයේ ස්ථාපිත කමාන්ඩෝ පුහුණු පාසලේදී අභාවප්‍රාප්ත ගුවන් සංග්‍රාමික බලසේනාවේ සේනාවිධායක ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් සහභාගී වූ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ඇතුළු නිලධාරින් හා සෙසුනිලයන් රැසක් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාලතුවක්කු ගැල (gun carriage) මත අභිමානවත් අයුරින් තැන්පත් කර ගැමුණු හේවා බලකා භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව භටපිරිස් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සංවේගාප්‍රාප්ත පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) මේජර් ඩබ්ලිව්.ඩී.එස්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී විසින් අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.
හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.
මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.
බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී වර්ෂ 1992 ජුලි මස 24 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව වර්ෂ 1994 අප්‍රේල් මස 09 දින අධිකාරියට පත්ව ගැමුණු හේවා බලකායට අනුයුක්ත කෙරිණි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවධියේදී රණක්‍ෂිතයට පත් වූ එතුමන් යුද්ධ හමුදා දිවි සැරිය තුලදී නිර්භීත පාබල හමුදා සාමාජිකයෙකු වශයෙන් කීර්තිමත් ධූරයන් රැසක් හොබවා ඇත.