Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2017 15:15:15 Hours

අභාවප්‍රාප්ත කිලිනොච්චි හිටපු දිස්ත්‍රික් ලේකම් වෙනුවෙන් 66 සේනාංකායේ භට පිරිස් ශෝකය පළකරයි

කිලිනොච්චි හිටපු දිස්ත්‍රික් ලේකම් තිරුනාවුකරුසු රාසනායගම් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස් විසින් සඳුදා (06) දින පූනරින් හි පැවැත් වූ ඔහුගේ අවමංගල්‍ය උත්සව කටයුතු ඉතාමත් සාර්ථක අයුරින් ඉටු කිරීමට දායක වූහ.

කිලිනොච්චි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ උපදෙස් මත භට පිරිස් විසින් තාවකාලික මඩු, කැසිකිලි පහසුකම් සහ අවමංගල්‍ය නිවස අවට සුද්ධ පවිත්‍ර කර අභාවප්‍රාප්ත රාසනායගම් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාව වෙනුවෙන් ප්‍රජාසත්කාරක කටයුතු ඉටු කරන ලදි.

වර්ෂ 1942 මැයි මස 02 දින පූනරින් ප්‍රදේශයේ දී උපත ලද රාසනායගම් මහතා උපාධිධාරියෙකු ලෙස තම අධ්‍යාපන කටයුතු නිමවා අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ලදි.සිය 35 වසරක සේවා කාලය තුල මන්නාරම ප්‍රදේශයේ සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙසත්, පූනරින් ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් වශයෙන් ද අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් වශයෙන් ද රාජකාරි කටයුතු ඉටු කර තිබේ.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන ඇතුලු නිලධාරින් රැසක් අවමංගල්‍ය නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

Asics footwear | Releases Nike Shoes