Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2023 10:39:14 Hours

අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාචාරය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල්ශාලාවේදී අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පළකරමින් එතුමන් විශ්‍රාම යාමට ප්‍රථම යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුම සාර්ථක කරගැනීම වෙනුවෙන් අභීතව කටයුතු කළ ආකාරය පිළිබඳ සිහිපත් කළේය. එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන් සඳහා වූ පොතේ සිය සංවේගය පළකරමින් සටහනක් තැබීය.

කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාරයන් මධ්‍යයේ බ්‍රහස්පතින්දා (16) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) පසුගිය අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.