Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක වොලිබෝල් ශූරතාවලිය 22 සේනාංකයට

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණ පෙරදැරි කරගනිමින් යුද හමුදාව තුළින් ජාතික මට්ටමේ කණ්ඩායම් තරඟාවලින් නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම උදෙසා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ඉකුත් බදාදා (3) දින යුද හමුදා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම අවස්ථාවට සහයෝගය ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබිණි. එමෙන්ම අවසන් මහා තරඟාවලියේදි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායම සහ 22 වන සේනාංක කණ්ඩායම අතර පැවති උද්වේගවත් උණුසුම් තරඟයකින් අනතුරුව 2019 අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ ශූරතාවලිය හිමි කර ගැනීමට 22 වන සේනාංකයේ වොලිබෝල් ක්‍රීඩකයින් සමත් විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආඥාපතිතුමන් සහභාගී වූ අතර එතුමන් විසින් ජයග්‍රාහකයන්ට සහතික පත් සහ කුසලාන ද එහිදී පිරිනමන ලදී. ජයග්‍රාහක ක්‍රීඩකයින්ගේ විස්තරය පහතින් දැක්වේ.

හොඳම ක්‍රීඩකයා - නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ලාන්ස් බොම්බඩි අයි. එම්. එස්. ටී. ඉළුක්වත්ත

හොඳම ප්‍රහාරකයා - 22 වන සේනාංකයේ තුවක්කු සෙබල එච්.එම්.එච්.එම්. ජයරත්න

හොඳම පන්දු සකසන්නා - 22 වන සේනාංකයේ තුවක්කු සෙබල බී. ටී. කේ. මධුශංක

මෙවර 2019 අන්තර් සේනාංක වොලිබෝල් ශූරතාවලිය 22 වන සේනාංකයේ වොලිබෝල් කණ්ඩායම හිමිකර ගත්හ. Buy Sneakers | Nike Air Max 270