Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:06:56 Hours

අන්තර් රෙජිමේන්තු T-20 ක්‍රිකට් අවසන් මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු T-20 තරගාවලියේ අවසන් මහා තරගය ඉකුත් සිකුරාදා (2) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කණ්ඩායම් 18ක් තරග වැදුණු මෙම තරගාවලියේදී අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා කණ්ඩායම තේරී පත්විය. අවසන් මහා තරගය අතරතුර ඇතිවූ අනපේක්ෂිත වර්ෂාපතනය හේතුවෙන් කණ්ඩායම් දෙකම සම ශූරයන් බවට පත් කරමින් තරගාවලිය අවසන් කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය හා කළමනාකරණ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, ශ්‍රී ලංකා යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ ලේකම් කර්නල් සඳුන් ඩයස් ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ අතර අවසන් මහා තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය පන්දුවාර 4 කදී කඩුලූ 1 ක් දැවී ලකුණු 21 ක් ලබා සිටියදී ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් තරගය නිමා කිරීමට සිදුවිය. එහිදි සම ශූරයන්ට සහ පෙර පැවැති තරගවල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට කුසලාන පිරිනැමිණි.

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ කුසලාන දිනා ගැනීමට පහත කණ්ඩායම් සමත් විය.

T-20 ක්‍රිකට් තරඟාවලිය

සම ශූරයන් - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය.

සීමාසහිත තරඟාවලිය 'ඒ' කොටස

ශූරතාවය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

අනුශූරතාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

තරගාවලියේ වීරයා - පාබල සෙබල කේ.ඩබ්ලිව්.එස්.එල් ප්‍රනාන්දු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

අවසන් තරගයේ වීරයා - තුවක්කු සෙබල කේ.එල්.එම්.එස් සෙනෙවිවික්‍රම - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

දක්ෂතම පන්දු යවන්නා - තුවක්කු සෙබල එම්.ඒ.ඩබ්ලිව් ජයසූරිය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

දක්ෂතම පිතිකරු - ලාන්ස් කෝප්‍රල් එල්.ඊ.කේ එදිරිසිංහ - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

සීමාසහිත තරඟාවලිය 'බී' කොටස

ශූරතාවය - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

තරගාවලියේ වීරයා - රෝහක සෙබල ජේ.එල්.ඩී.එස්.එස් කුමාර - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

අවසන් තරගයේ වීරයා - රෝහක සෙබල ජේ.එල්.ඩී.එස්.එස් කුමාර - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

කාන්තා ක්‍රිකට් තරඟාවලිය

ශූරතාවය - 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

අනුශූරතාවය - 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

තරගාවලියේ ක්‍රීඩිකාව - ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.ඩී.පී රුවන්මලී - 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

අවසන් තරගයේ ක්‍රීඩිකාව - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එන් සමන්මලී - 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය