Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2020 22:05:13 Hours

අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය - 2019 අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බඳාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදී.

කාණ්ඩ 04 ක් යටතේ පැවැත්වුණ මෙම තරඟාවලියට රෙජිමේන්තු 15 ක සහ බලඇණි 03 ක පිහිණුම් ක්‍රීඩකයින් 246 දෙනෙකු සහභාගි වු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම් සඳහා රන් පදක්කම් 44 ක් ප්‍රදානය කරන ලදී. එම තරඟාවලිය ජනවාරි මස 26 සිට 29 දක්වා දින 03 ක් පුරාවට පවත්වනු ලැබීය.

මෙම වසරේ විවෘත පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් (SLEME) විසින් දිනා ගත් අතර ශ්‍රී ලංකා සන්නද්ධ බලකා (SLAC) කණ්ඩායම ආධුනික ශූරයින් බවට පත්විය.

එමෙන්ම, (පිරිමි) ආධුනික ජල ක්‍රීඩා ශූරතාවලිය ගජබා රෙජිමේන්තුව සතුකරගත් අතර විවෘත ජල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී.

මේ අතර, අන්තර් රෙජිමේන්තු ආධුනික කාන්තා ශූරතාවලිය ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බළකායේ පිහිනුම් ක්‍රීඩිකාවන් විසින් දිනා ගත් අතර විවෘත කාන්තා පිහිනුම් ශූරතාව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට හිමිවිය.

හොඳම ආධුනික කාන්තා පිහිනුම් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කාන්තා සෙබළ එල්. රාජකරුණා විසින් දිනාගත් අතර හොඳම ආධුනික පිරිමි පිහිනුම් ක්‍රීඩිකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ සමාන්‍ය සෙබළ එම්. කුමාර හිමි කරගත්තේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සියලු ජයග්‍රාහකයින් හට සුබ පැතුම් එක් කරමින් ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමූ අතර තරඟාවලියේ උණුසුම් අවස්ථා කිහිපයකටද එතුමන්ගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා තරඟාවලියේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා පාලක මණ්ඩලයේ ප්‍රධාන විනිසුරු ඇතුළු අනෙකුත් විනිසුරුවරුන් විසින් තරඟාවලිය ආරම්භයේ සිට එම තරඟයන්ට විනිශ්වය ලබා දී තිබිණි.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ උප සභාපති කර්නල් ක්ලිෆර්ඩ් ද සොයිසා විසින් උත්සවය අවසානයේ ස්තූති කථාව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් ද සහභාගි වුහ. Mysneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp