Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 18:30:17 Hours

අධ්‍යාත්මික සුවතා භාවනා වැඩසටහන කදුබොඩ දී

යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ අධ්‍යාත්මික සහ මානසික තත්වය ඉතා උසස් මට්ටමෙන් පවත්වාගැනීම පෙරදැරි කරගනිමින්, යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් භාවනා වැඩසටහනක්, පූජ්‍ය දියසෙන්පුර, විමල තෙරුන්ගේ අනුශාසකත්වය යටතේ කදුබොඩ සියනෑ ජාත්‍යාන්තර විපස්සනා භාවනා මධ්‍යථානයේ දී බදාදා (30) දින පවත්වන ලදි.

එම භාවනා වැඩසටහන සඳහා කාන්තා සෙබලියන් තිදෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 59 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 13 දෙනෙකු සහභාගි වූහ. යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙහෙයෙවනු ලැබූ මෙම වැඩසටහන මේවන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වී ඇත.

Buy Sneakers | Nike News