02nd November 2023 20:40:03 Hours
අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පනාගොඩ, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ආර් සමරවීර විසින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව අධ්‍යක්‍ෂතුමන් විසින් එතුමන් වෙත යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඉතිහාසය, කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී.
සංචාරය අවසානයේදී මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත බ්‍රිගේඩියර් පී.ආර් සමරවීර විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව එතුමන් විසින් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.