Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 11:25:00 Hours

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සිය තනතුරෙහි රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා අද (01) දින උදෑසන පැවැති චාම් උත්සවයක් අතරතුර සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගැනීම සිදුකරන ලදී.

මීට ප්‍රථම, මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති ලෙස පත් කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සිය ධූරයේ රාජකාරී කටයුතු මේ අයුරින් භාරගනු ලැබීය.

මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කරයි.

මේජර් ජෙනරාල් ප්‍රදීප් සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ නව ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද රාජකාරි ඉටු කළේය.

නව ධූරයේ රාජකාරී භාරගැනීමේ අවස්ථාවට උපදේශකවරුන්, සියලුම අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ. spy offers | Nike Air Force 1 , Sneakers , Ietp STORE