Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 22:07:46 Hours

අද දිනය වන විට කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 669 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 660 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 130 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 366 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 50,539 වේ. ඉන් පුද්ගලයින් 44,496 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (20) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 54,418 ක් වන අතර ඉන් පුද්ගලයින් 46,593 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (20) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,552 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 774 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (20) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් මාලිගාවත්ත, කොළඹ 06 සහ අරණායක, යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (20) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 28 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 18 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 92 දෙනෙකු, UL 226 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 76 දෙනෙකු, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 55 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (20) දිනය තුළ KE 9473 දරණ මගී ගුවන් යානය මගින් කොරියාවේ සිට පුද්ගලයින් 285 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 06 දෙනෙකු, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 02 දෙනෙකු, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 03 දෙනෙකු, UL 881 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 23 දෙනෙකු සහ EY 264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 21 දෙනෙකු, දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (20) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 8,188 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (19) දිනය තුල PCR පරික්‍ෂණ 14,294 ක් සිදුකර ඇත. Authentic Nike Sneakers | Womens Shoes Footwear & Shoes Online