Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2020 08:02:20 Hours

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබන නිවාස ඉඳිකිරීමේ වැඩපිළිවෙලට යාපනය ප්‍රදේශයේ ජනතාවගේ සුභාසිංසන

යුද්ධ හමුදාව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකරදීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දානපතියන් රැසක් මේ වනවිටත් ඉදිරිපත්ව සිටින අතර, ඒ අනුව එසේ ඉදිරිපත් වූ ධානපතියෙකුගේ පාරිත්‍යාගශීලීත්වය මත ඉදිකරනු ලැබූ නව නිවසක් ඉකුත් සඳුදා (31) දින යාපනය පුන්ගුඩතිව් ප්‍රදේශයේ වෙසෙන තවරාසා කවීදා මහත්මිය වෙත පවරා දෙනු ලැබිණි.

යාපනය ප්‍රදේශයේ වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා යුද්ධ හමුදා භටපිරිස්හී තාක්‍ෂණික විශේෂඥතාව, කැපවීම සහ මිනිස් ශ්‍රමය පිළිබඳව අගය කරමින් යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් දැනට සිදුකෙරෙමින් පවතින නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙන අතර සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වටිනා අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් ද ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අමුද්‍රව්‍ය සපයා තිබිණි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍යමය දායකත්වය දැක්වූ දානපතියා ද පුදුමයට පත්කරවමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ උපදෙස් පරිදි 512 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එරන්ද රත්නායක ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනාව යටතේ ඇති 17 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සති කිහිපයක් තුළ සම්පූර්ණයෙන් නිමකරන ලදී.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ දානපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා සහභාගී වූ අතර එම උත්සවය හින්දු චාරිත්‍ර අනුගමනය කරමින් පැවැත්විණි. ඉන් අනතුරුව අත්පොලසන් මධ්‍යයේ පීත්ත පටිය කපා නව නිවස විවෘත කිරීම සනිටුහන් කිරීමෙන් අනතුරුව නිවාසලාභියා වෙත යතුරු භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 512 වන බලසේනාවේ බලසේනාධිපති, නිලධාරින්, එම නිවස ඉදිකරන ලද යුද්ධ හමුදා භටපිරිස්, නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ. පසුගිය වසර කිහිපය තුළ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රමදායකත්වය මත නිවාස කිහිපයක් ඉඳිකර තිබිණි. Nike footwear | jordan Release Dates