2017-12-15 17:27:18
උදාවන නත්තල් උළෙල සහ 2018 නව වසර සැමරිම වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේදි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
2017-12-11 18:05:46
දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ පිවිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් විඑම් ඒඩිසි (Air Chief Marshal Birender Singh Dhanoa PVSM AVSM YSM VM ADC) සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-12-10 09:17:44
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පිහිනුම් තරඟාවලිය සෙනසුරාදා (09) දින උදෑසන තෙවන වරටත් එම විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී ආරම්භ කරනු ලැබීය.
2017-12-08 12:53:54
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පී.එස්.සී උපාධිය හදාරන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සම්ප්‍රදායානුකුලව සිදු කරනු ලබන නිල දේශනය බ්‍රහස්පතින්දා (07) දින උදෑසන එම විද්‍යාලයේ දී පැවැත්විණි.
2017-12-06 08:31:00
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අඟහරුවාදා (05) දිනසන්ධ්යාවරුවේ දී දැනට යුද්ධ හමුදාව විසින් නව සමෘද්ධි නිලධාරි තනතුරු ලාභි 1904 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු පාඨමාලාවක්’ පවත්වාගෙන යනු ලබන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ(ITC) අහඹු සංචාරයක නිරත විය.
2017-12-05 19:37:15
කොළඹ පිහිටි ඉස්ලාමීය ඉරාන ජනරජ තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා අඟහරුවාදා (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සුහදව හමුවිය.
2017-12-04 10:18:58
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි. යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක....
2017-11-30 16:27:23
එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන රටක් වශයෙන් වර්තමානයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ජාත්‍යන්තර කිර්තීය තවදුරටත් පතුරවමින් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට, භට පිරිස් දෙසියකගෙන් යුතු සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයක් (Combat Convoy Company) පිටත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.
2017-11-30 08:09:54
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද (29) දින සන්ධ්‍යාවේදි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම හමුවිමේදි පකිස්තාන නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා හට සිය සුභ පැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිවරයා දෙරට අතර හමුදාමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කීරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.
2017-11-26 08:31:39
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ.