2018-07-31 16:03:16
බාබඩෝස් ආරක්ෂක බලකාය සිය හොඳහිත සහ සුහඳත්වය සංකේතවත් කරමින්, විස්සයි විස්ස තරඟ 03 කට සහ පන්දුවාර 50 ක තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.
2018-07-18 17:05:08
අත්තිඩිය, මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් 41 දෙනෙකු වෙනුවෙන් එම පරිශ්‍රයේ දී නව භාවනා ශාලාවක් ඉදිකරනු ලැබීය. නවතමයෙන් ඉදිකරන ලද භාවනා ශාලාව විවෘත කිරීම සඳහා අඟහරුවාදා (17) දින උදෑසන පුනරුත්ථාපන අධ්යක්ෂ මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකරුසු සහ මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් එන්.පී.ඒ. ගුණවර්ධන ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-07-16 13:45:42
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.
2018-07-12 23:26:32
ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ වගකිම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිගේ දැක්මට අනුව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය (Nation-Building Task Force) ලෙස අද උදෑසන (12) මත්තේගොඩ පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී විවෘත කරන ලදි.
2018-07-10 17:46:47
යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් රේනුක රොවෙල් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිර්මාණය කල සුවිශේෂි නවෝත්පාදන 13 ක් අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නිරික්ෂණය කළහ.
2018-07-09 15:10:10
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘‘කැවලරි සුපර්ක්‍රොස්’ තරඟාවලිය - 2018’ දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව වාර්තා බිහිකරමින් ක්‍රීඩා ලෝලින් රැසක් මධ්‍යයේ ඉරිදා (08) දින පාන්ගොල්ල ධාවන පථයේ දී සාර්ථකව පැවැත්විණි.
2018-07-07 11:39:01
කොළඹ, විශාඛා විද්‍යාලයේ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැති ‘2017 - වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් හා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
2018-07-06 15:19:20
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් 23 දෙනෙකු ඔවුන්ගේ විදේශීය සංචාරයන්හි එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-07-04 09:54:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-07-03 10:54:20
මෑතකදී මහනුවර ප්‍රදේශයේ ඇතිවු ප්‍රචණ්ඩකාරි ජනවාර්ගික ගැටුම්කාරි තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර එම තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් නැවත යථාතත්ත්වයට පත්කරලීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව මුස්ලිම් මවුලවිතුමන්ලා, විද්වතුන් සහ මුස්ලිම් ප්‍රජා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව නුවර, බෝගම්බර මහා පල්ලියේ සඳුදා (02) දින පැවැති සුහද හමුවකදී ප්රසංශාවට ලක් කළහ.