2019-06-28 18:17:55
ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයධාරාවන් ආවරණය කළ විශ්‍රාමික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රසන්ත පෙරේරා විසින් සිංහල භාෂාවෙන් රචිත ‘පළමු ලෝක යුද්ධය 1914 – 1919’ නම් ග්‍රන්ථයේ මංගල පිටපත සිකුරාදා (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වනු ලැබීය.
2019-06-22 19:58:34
ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22) දින උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2019-06-21 16:22:04
ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වූ අතර උත්සවය අතරතුරදී....
2019-06-19 18:46:07
යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරිම සඳහා පරිසර හිතකාමී සමාගමක් වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගම යුද්ධ හමුදාව සමඟ එක්වෙයි.
2019-06-17 13:41:10
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අද (17) දින උදෑසන මහරගම ‘අපේක්ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.
2019-06-15 12:51:38
ශ්‍රී ලංකා සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඊට නව ප්‍රවේශයක් විවර කරදෙමින් දැවැන්ත අයුරින් සංවිධානය කරන ලද ද්වීපාර්ශවික ගවේෂණ සංචාරයක් සඳහා අද (15) දින උදෑසන ඉන්දිය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 159 දෙනෙකු ඔවුන්ගේ භාර්යාවන් සමඟ දිවයිනට පැමිණි අතර එයට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 162 ක් ඔවුන්ගේ භාර්යාවන් සමඟ ඉන්දියාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්විය.
2019-06-14 18:26:50
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය දිස්ත්‍රික් 306 සී සිංහ සමාජ කාන්තා සංගමය සමග අද (14) දින උදෑසන පන්නල, යක්විල, හේන්යාය ප්‍රදේශයට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දෘෂ්‍යාබාධිත උපාධි අපේක්ෂිකාවක් හට දීර්ඝකාලීනව පැවැති අපේක්ෂාවක් සපුරාදෙනු ලැබීය.
2019-06-12 18:39:24
යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහනට සමගාමීව බදාදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විල්පත්තුව රක්ෂිතයේ රෝපණය කිරීම සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ සිසුන් වෙත පැළ 5,000 ක් ප්රදානය කරන ලදී.
2019-06-08 15:46:20
ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් මහජන සහයෝගය සහ සුහදශීලී පීතීඝෝෂා මධ්‍යයේ කිලෝ මීටර් 310 ක දුර ප්‍රමාණයකින් සමන්විත පා ගමන අද සෙනසුරාදා (8) දින උදැසන 10.00 ට පමණ කොළඹ 07 පිහිටි නිදහස් චතුරශ්‍රය වෙත ලඟා විය.
2019-06-06 11:29:50
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් (Peter Dutton) ඉකුත් අඟහරුවාදා (4) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.