Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා- අංක 9 සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් 35 දෙනෙකු වෙත උපාධි පිරිනමයි

    2023-12-14 11:04:50

    භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා- අංක 9 සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් 35 දෙනෙකු වෙත උපාධි පිරිනමයි

    ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලේ වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 සාර්ථකව හදාරනු ලැබූ යුද්ධ හමුදාවේ නිලධාරීන් තිස්දෙදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.

  • යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

    2023-12-12 09:15:48

    යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ඉන්දීය සංචාරය අතරතුර පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන් පීවීඑස්එම් යූවයිඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් (General Anil Chauhan PVSM UYSM AVSM SM VSM) හමුවිය.

  • යුද්ධ හමුදාධිපතිතුමන්, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

    2023-12-04 18:50:38

    යුද්ධ හමුදාධිපතිතුමන්, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

    ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (General Manoj Pande PVSM AVSM VSM ADC) ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින ඉන්දියාවේ, නවදිල්ලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

  • යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

    2023-12-01 17:44:47

    යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

    ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.

  • ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

    2023-11-27 09:03:54

    ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

    ආරක්‍ෂක සේවා ක්‍රීඩා උත්සවයේ ‘ශූරතා ප්‍රදානය කිරීම’ සහ ‘ආරක්‍ෂක සේවා ක්‍රීඩා 22/23’ හි 12 වන සංස්කරණයේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  • යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

    2023-11-23 15:31:54

    යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය -  බටහිර භටපිරිස් අමතයි

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

  • නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

    2023-11-20 20:06:17

    නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති ආගමික වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වැඩමවා වදාළ භික්ෂූනීන් වහන්සේලා 5000 ක් වෙත ‘පිරිකර’ සහ දානය පිරිනැමීම වෙනුවෙන් බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවැත්වූ ආගමික උත්සවයට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) උපකුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමියන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය විවෘත කරයි

    2023-11-10 21:53:03

     ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ  රණවිරු ස්මාරකය විවෘත කරයි

    වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර කාන්තා සෙබළියන් සිහිකරමින් බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය...

  • එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ නියෝජිත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

    2023-11-09 20:39:41

    එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ නියෝජිත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

    එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජෙරොමි බී. විලියම්ස් (Rear Admiral Jeromy B. Williams) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවී යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරනු ලැබීය.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

    2023-11-02 12:08:17

    ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

    ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සරය පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.