2023-08-22 21:39:55
චීන හමුදාව වෙතින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පිරිනමන කරන ලද විශේෂ සන්නිවේදන රථ 11 ක් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්ඩී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී අඟහරුවාදා (අගෝස්තු මස 22) දින භාර දෙන ලදී.
2023-08-15 23:58:20
යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-14 19:15:00
ශ්‍රී ලංකා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ පුහුණුව ලබාගැනීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු’ පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
2023-08-11 21:28:57
ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 10 වන වරටත් කොප්පරා ටොන් 20 ක ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරුවේ පැවැත්වූ උත්සවයකදී දියවඩන නිලමෙතුමන් වෙත පිළිගන්වන ලදී.
2023-08-05 05:52:13
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයන් අතරින් තෝරාගත් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 4) දින ක්‍රියාත්මක කෙරිණි. එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.
2023-07-27 20:09:28
ඩිජිටල්කරණයත් සමඟ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකරලීම සඳහා සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගන්නා ලද යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින් 55 දෙනෙකුගේ දරුවන් සඳහා ටැබ් යන්ත්‍ර ප්රදානය කරන ලදී.
2023-07-25 20:42:56
විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මානුෂීය මෙහෙයුමේදී මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් ද විශාල මෙහෙවරක් සිදුකරමින් ‘නොහැක්කක් නොමැත’ යන්න නැවත වරක් පිළිබිඹු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද සන්නද්ධ රථ 6 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදෙන ලදී.
2023-07-21 22:09:15
තායිලන්තයේ බැංකොක් නුවර පසුගියදා පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023, පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023 සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ශූරතා තරඟාවලිය - 2023 යන තරඟාවලීන් සඳහා සහභාගී වී ජාතික හා ජාත්‍යන්තර වාර්තා තබමින් ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකරගෙන පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු වෙත සිකුරාදා (ජූලි මස 21) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිල උසස් වීම් ප්රදානය කරන ලදී.
2023-07-20 12:55:33
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපන් මාතලේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් බදාදා (ජූලි මස 19) දින පැවති උත්සවයකදී එම පවුලේ සාමාජිකයන් වෙත පවරා දෙන ලදී.
2023-07-15 13:56:14
අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදහන්ව සිට මිය ගොස් සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාව සෙවීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ 11 පාබල සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු සෙනසුරාදා (ජුලි මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූ අතර, එහිදී එතුමන් ඔවුන්ගේ එම කාර්යය ඇගයීමට ලක්කලේය.