Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • වර්මතමාන යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයටපත්වී වර්ෂ පූර්ණය සිහිකරමින් ආගමික ආශිර්වාද

    2023-06-01 21:05:31

    වර්මතමාන යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයටපත්වී වර්ෂ පූර්ණය සිහිකරමින් ආගමික ආශිර්වාද

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙන වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත් වී 2023 ජූනි මස 01 දිනට වසරක් සම්පූර්ණ කරයි. එම කාලය තුල එතුමන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ සහ සිවිල් ජනතාව වෙනුවෙන් ඉලක්ක කරගත් ප්‍රජා මූලික ව්‍යාපෘති, සෙබලුන්ගේ සුභසාධන කටයුතු සඳහා ඇති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම, මානව සම්පත් සහ මූල්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් හඳුන්වා දීම, යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී අංශ රැසක විශාල සාර්ථකත්වයක් ලබා දී ඇත. මීට අමතරව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ දේශීය කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආපදා සහ හදිසි කළමනාකරණය කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහල නැංවීමද දැක්විය හැකිය. තවද, වැඩි දියුණු කරන ලද පරිගණක මෘදුකාංග යෙදවුම් හඳුන්වා දීමෙන් යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දියුණුව සඳහා පියවර ගෙන ඇති අතර, එමඟින් යුද්ධ හමුදාව සතු සම්පත් රටේ ආර්ථික දියුණුව සඳහාද යෙදවීමට හැකි වී ඇත.

  • යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය ‘අභිමංසල - 2’ හි නිල සංචාරයක

    2023-05-28 12:45:02

    යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය ‘අභිමංසල - 2’ හි නිල සංචාරයක

    2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් තම කාය දානය ලබාදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සෙනසුරාදා (27) දින කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත විය.

  • පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කළ ප්‍රකාශනයන්හි මුල් පිටපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

    2023-05-26 11:03:27

    පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කළ ප්‍රකාශනයන්හි මුල් පිටපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

    යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කරනු ලැබූ ‘Special Operations Forces' Doctrine’, four ‘Army Field’ Manuals සහ the ‘General Staff Publication on Intelligence’ ප්‍රකාශනයන්හි මුල් පිටපත් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පිළිගන්වනු ලැබීය.

  • 14 වන රණවිරු අනුස්මරණ දිනයේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරේ

    2023-05-19 18:44:00

    14 වන රණවිරු අනුස්මරණ දිනයේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරේ

    14 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් විජයග්‍රහණයේ දිනයට සමගාමීව (මැයි මස 19) දින සන්ධ්‍යාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ උත්සවයක් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වූවේය.

  • ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සිකුරාදා (19) දින සමරයි

    2023-05-18 11:59:48

    ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සිකුරාදා (19) දින සමරයි

    ත්‍රස්තවාදය සහ මවුබිම දෙකඩ කිරීමේ ප්‍රයත්නයන්ට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන්ගේ රණකාමීත්වය වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකරනු ලබන ජාතික රණවිරු දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ මැයි මස 19 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සමරනු ලබයි. එම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමන්, ගරු අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, දිවංගත රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ කෘතවේදී ජනතාව ද සහභාගී වේ.

  • සියලු ලෝකවාසීන් හට නිදුක් නිරෝගීමත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

    2023-05-05 00:00:01

    සියලු ලෝකවාසීන් හට නිදුක් නිරෝගීමත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු සියලුම නිලයන් සියලු ලෝකවාසීන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන සාමය සතුට පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!

  • ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

    2023-05-04 19:35:46

    ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

    ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොලිස්පතිතුමන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (03) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. මැයි මස 4 සිට 10 දින දක්වා පැවැත්වෙන මෙම වෙසක් සතිය තුළ ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් වර්ණවත් සහ නිර්මාණාත්මක ප්‍රදර්ශනයන් රැසක් එක්කර ඇත.

  • සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

    2023-05-03 18:46:50

    සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි (Air Chief Marshal Vivek Ram Chaudhari) බදාදා (03) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

  • මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

    2023-04-24 18:03:02

    මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

    සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් සඳහා අවුරුදු උත්සවයක් අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතන පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

  • ‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පැවති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

    2023-04-20 10:51:45

    ‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පැවති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

    මුස්ලිම්වරුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් ආගමික නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (19) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.