Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    2023-06-21 16:42:17

    සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් 483 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.

  • ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ භටපිරිස් සහාය වෙයි

    2023-06-16 19:39:20

    ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ  භටපිරිස් සහාය වෙයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙමින් ජාතිය ගොඩනැගීමේ ඕනෑම කාර්යයක් සඳහා ඕනෑම මොහොතක සූදානමින් සිටිති. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (ජුනි 16) දින මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉඳිකර දීමට කටයුතු ආරම්භ කරන ලදී.

  • ලොව විශාලතම වකුගඩු ආශ්‍රිත ගල ඉවත් කරමින් යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට

    2023-06-13 21:22:14

    ලොව විශාලතම වකුගඩු ආශ්‍රිත ගල ඉවත් කරමින් යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට

    වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරටද එක්විය. කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙ කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය. ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී. මෙම වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.

  • නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

    2023-06-07 21:52:33

    නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

    දින පහක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදාවේ හමුදා දූත පිරිස බදාදා (07) දින යුද්ධ හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.

  • පොසොන් සඳ රැසින් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

    2023-06-03 00:23:36

    පොසොන් සඳ රැසින් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

    නව ශිෂ්ටාචාරයක් මෙරට ඇති කළ පූජනීය පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අප සැමට ශක්තියක් වී අපේ මාතෘභූමිය සමෘද්ධිමත් වේවා! මෙම පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සියලුම නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් කාර්යය මණ්ඩලය ඇතුලු සමස්ථ යුද්ධ හමුදාවේ උතුම් වූ ප්‍රාර්ථනයයි.

  • වර්මතමාන යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයටපත්වී වර්ෂ පූර්ණය සිහිකරමින් ආගමික ආශිර්වාද

    2023-06-01 21:05:31

    වර්මතමාන යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයටපත්වී වර්ෂ පූර්ණය සිහිකරමින් ආගමික ආශිර්වාද

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙන වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත් වී 2023 ජූනි මස 01 දිනට වසරක් සම්පූර්ණ කරයි. එම කාලය තුල එතුමන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ සහ සිවිල් ජනතාව වෙනුවෙන් ඉලක්ක කරගත් ප්‍රජා මූලික ව්‍යාපෘති, සෙබලුන්ගේ සුභසාධන කටයුතු සඳහා ඇති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම, මානව සම්පත් සහ මූල්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් හඳුන්වා දීම, යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී අංශ රැසක විශාල සාර්ථකත්වයක් ලබා දී ඇත. මීට අමතරව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ දේශීය කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආපදා සහ හදිසි කළමනාකරණය කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහල නැංවීමද දැක්විය හැකිය. තවද, වැඩි දියුණු කරන ලද පරිගණක මෘදුකාංග යෙදවුම් හඳුන්වා දීමෙන් යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දියුණුව සඳහා පියවර ගෙන ඇති අතර, එමඟින් යුද්ධ හමුදාව සතු සම්පත් රටේ ආර්ථික දියුණුව සඳහාද යෙදවීමට හැකි වී ඇත.

  • යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය ‘අභිමංසල - 2’ හි නිල සංචාරයක

    2023-05-28 12:45:02

    යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමිය ‘අභිමංසල - 2’ හි නිල සංචාරයක

    2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් තම කාය දානය ලබාදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සෙනසුරාදා (27) දින කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත විය.

  • පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කළ ප්‍රකාශනයන්හි මුල් පිටපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

    2023-05-26 11:03:27

    පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කළ ප්‍රකාශනයන්හි මුල් පිටපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වේ

    යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කරනු ලැබූ ‘Special Operations Forces' Doctrine’, four ‘Army Field’ Manuals සහ the ‘General Staff Publication on Intelligence’ ප්‍රකාශනයන්හි මුල් පිටපත් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පිළිගන්වනු ලැබීය.

  • 14 වන රණවිරු අනුස්මරණ දිනයේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරේ

    2023-05-19 18:44:00

    14 වන රණවිරු අනුස්මරණ දිනයේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සැමරේ

    14 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් විජයග්‍රහණයේ දිනයට සමගාමීව (මැයි මස 19) දින සන්ධ්‍යාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ උත්සවයක් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වූවේය.

  • ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සිකුරාදා (19) දින සමරයි

    2023-05-18 11:59:48

    ජාතික රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සිකුරාදා (19) දින සමරයි

    ත්‍රස්තවාදය සහ මවුබිම දෙකඩ කිරීමේ ප්‍රයත්නයන්ට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන්ගේ රණකාමීත්වය වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකරනු ලබන ජාතික රණවිරු දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ මැයි මස 19 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සමරනු ලබයි. එම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමන්, ගරු අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, දිවංගත රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ කෘතවේදී ජනතාව ද සහභාගී වේ.