18th February 2017 14:00:32 පැය
යුධබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට.....
16th February 2017 15:37:47 පැය
නවතමයෙන් පත් වූ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාවෝ (16) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
16th February 2017 09:40:35 පැය
යුද හමුදාපතිතුමාගේ නව සංකල්පයකට අනුව මෑතක දී සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපනය කරන ලද යුද හමුදා සූපවේදී බලඇණිය මඟින් යුද හමුදාව තුල සේවයේ නියුතු යුද හමුදා සහ සිවිල් අංශයේ සුපවේදීන්ගෙන් දක්ෂතම සුපවේදීන් තේරීම සිදු කරන ලදි.
16th February 2017 09:39:05 පැය
බොරැල්ල පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සරය වර්ණවත් කරමින් බදාදා (15) දින එම විද්‍යාල පරිශ්‍රයේ දී යුද හමුදාව විසින් කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
14th February 2017 20:27:49 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 583 බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සඳුදා (13) දින රත්නපුර, පිලපිටිය, ආදාගල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට වහා ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
14th February 2017 10:35:10 පැය
ලෝක හමුදා දිනය වෙනුවෙන් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් සහ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.
14th February 2017 10:30:57 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.
13th February 2017 19:16:18 පැය
පුදුකුඩුඉරිප්පු සුතන්තිපුරම් පාසලේ විදුහල්පතිගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 683 වන බලසේනාවට අයත් 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් එම පාසලේ පැවැත්විමට නියමිත ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩාපිටිය සැකසීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදි.
13th February 2017 19:13:28 පැය
යාපනයේ පිහිටි 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් ඔවුන්ගේ තවත් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස, වයස අවුරුදු 05 ට අඩු ළමුන් සිටින හිටපු එල්.ටි.ටි.ඊ. කාන්තා සෙබලියන් 18 දෙනෙකු බදාදා (08) දින හමුවි ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලන ලදි.
13th February 2017 19:13:05 පැය
ලේබනන් හී එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්විමට නියමිත මිළග ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක බලඇණිය නිල වශයෙන් භාරගැනිමේ පෙළපාලිය කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී බ්‍රහස්පතින්දා (09) දින පවත්වන ලදි.