28th June 2017 14:00:10 පැය
මුලන්කාවිල් පොලිස් ස්ථානයේ හදිසි දැනුම්දීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 19 වන ශ්‍රී ලංකා පාලබ හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක වී සඳුදා (26) දින මධ්‍යම රාත්‍රියේ කිලිනොච්චි, නච්චිකුඩා ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
27th June 2017 17:45:41 පැය
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නික්මයන ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් සිකුරාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි පැවති සාකච්ඡාවේ දී දෙරට අතර.....
23rd June 2017 16:36:03 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සමඟින් ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGOs/NGOs) එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් මුක්ත කලාපයක් ලෙස භාරදීම බදාදා (21) උදෑසන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය.
17th June 2017 18:01:02 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු සෙනසුරාදා (17) දින පැවති වර්ණවත් පෙළපාලියකින් විසිර යන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සහභාගි විය.
17th June 2017 17:54:44 පැය
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ අමිල සේවය සහ වීරක්‍රියාවන් අගය කරමින් උපහාරයක් ලෙස ‘සංහිඳියාවයි - සංග්රාම ශක්තියයි’ යනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්...
14th June 2017 16:02:04 පැය
සේවයෙන් විශ්‍රාමයාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක බදාදා (14) උදෑසනය යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනිල් සෝමවීර විසින් එහි පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
14th June 2017 10:07:32 පැය
යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය අද (13) දින සන්ධ්‍යාවේ වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි.....
12th June 2017 16:50:10 පැය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා NI(M), සඳුදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියහ. යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි පකිස්තානු නාවික හමුදාධිපතිවරයා,....
12th June 2017 16:47:57 පැය
ගංවතුරෙන් සහ නාය යෑමෙන් විපතටපත් ප්‍රදේශවල තවදුරටත් සහන මෙහෙයුම්වල නිරතව සිටින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 58 වන සේනාංකයේ සහයෝගයෙන් එම ආපදා තත්වයන්ගෙන් මියගිය අයවලුන් හට පිං පැමිණවීම පිණිස සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාව සහ සංඝයා වහන්සේලා විෂයෙහිලා හීල් දානමය පිංකම (10 – 11) දිනයන්හිදි මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලයේදී පැවැත්විය.
12th June 2017 14:20:50 පැය
පොසොන් සැමරුමට සමගාමීව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී සිකුරාදා (09) දින පැවති බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශාවක වූ සැරියුත් සහ මුගලන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.