15th March 2018 13:51:19 පැය
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මූලිකත්වයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 661 බලසේනා මූලස්ථානයේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් වෙත පොල්වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් බදාදා (14) දින බෙදාදෙන ලදි.
13th March 2018 21:53:50 පැය
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති.....
10th March 2018 13:12:05 පැය
මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ සිදුවීමෙන් අනතුරුව සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව වෙන් වෙන් වශයෙන් සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්රමුඛ දේශපාලන පක්ෂ ප්‍රධානීන් කිහිපදෙනෙක් සහ කථානායකතුමා ඇතළු නියෝජිත පිරිසක් අද (10) දින උදෑසන මහනුවර ප්‍රදේශයට පැමිණෙන ලදි. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගන ප්‍රදේශය වෙත පැමිණි අවස්ථාවට අමාත්‍යවරුන්.....
09th March 2018 19:04:24 පැය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, යුද්ධ හමුදා කාන්තා සෙබළියන් විවිධ වෘත්තීය කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් ජාතික කාන්තා දිනය සැමරීමේ උත්සවයක් පොළොන්නරුව, රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (08) දින පැවැත් වූ අතර මෙම උත්සවය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය සහ නැගෙනහිර .....
09th March 2018 19:03:48 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත වූ අතර දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ අවධානය යොමු කෙරිණි.
09th March 2018 19:02:50 පැය
සිසුන්, පරිසර සංරක්ෂණය සඳහා යොමු කිරීම සහ ආර්ථික සංවර්ධනයට උපකාරි වන පැළ සිටුවිමේ රුචිය ඇතිකිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන බලසේනාවට අයත් වාකරේ පිහිටි 233 වන බලසේනා මූලස්ථානය විසින් කඳවුර තුළ රෝපණය කරන ලද කජු පැළ 2000 ක් ‘හරිත ලංකා’ වැඩසටහන යටතේ වාකරේ, මාන්කර්නි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ.....
09th March 2018 16:39:30 පැය
පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (8) දින උදෑසන එම ප්‍රදේශයන් නිරීක්ෂණ කරන ලදී. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින් වහන්සේ සහ රාජ්‍ය .....
09th March 2018 16:37:24 පැය
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න ගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුටෝෂි කවානෝ (Admiral Katsutoshi Kawano), සිකුරාදා (09) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කරමින් කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්විය.
08th March 2018 18:16:54 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් .....
08th March 2018 08:32:21 පැය
විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතියට සමගාමීව ‘මානසික සංවර්ධනය, සදාචාරය සහ සෞඛ්‍යමය වටිනාකම්’ පිළිබඳ වැඩමුළුවක් සහ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයක් සෙනසුරාදා (3) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.