07th June 2018 22:05:16 පැය
පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශයන් හි අපද්‍රව්‍ය එකතුවීමෙන් දුෂීත පානීය ජල ළිං පිරිසිදු කිරීමේ කටයුතු බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් යුද්ධ හමුදා භට පිරිස් විසින් යුද්ධ හමුදාවේ ජල පොම්ප උපයෝගී කරගනිමින් දැනටමත් සිදුකරමින් පවතී.
06th June 2018 17:34:32 පැය
නුදුරේදී පැවැත්විමට නියමිත දකුණු ආසියානු කලාපීය සිවිල් කටයුතු සබැඳි සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ සිවිල්-ආරක්ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් (Civil-Military Cooperation (CIMIC) projects) පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) හි නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සිකුරාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථාන.....
06th June 2018 17:11:53 පැය
පුදුකුඩියිරිප්පු, විෂ්ණමඩු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ කරන ලද සටනක දී දරුණු ලෙස තුවාල ලැබ ආබාධිත තත්ත්වයට පත්වූ ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ඩබ්ලිව්.කේ.එස්. ලක්මාල් ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසක් බදාදා (06) දින උදෑසන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල්.......
05th June 2018 16:03:55 පැය
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පසුගියදා නිමාවට පත්වු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් සැරයන් ඉෂාන් බණ්ඩාර පිළිගැනීමේ උත්සවයක් පනාගොඩ, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එම භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. 16 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරිතුමා ඇතුළු අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ ආරාධිතයින් රැසක් මෙම පිළිගැනිමේ උත්සවය ....
05th June 2018 16:00:15 පැය
ලෝක පරිසර සතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන අනෙකුත් ව්‍යාපෘතින්ට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපති සියලු සේනාංක, බලසේනා සහ ඒකකයන්හි පරිසර සංරක්ෂණ වැඩසටහන් 2018 මැයි මස 30 වන දින ක්‍රියාවට නංවන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම කඳවුරුවල භට පිරිස් විසින් පරිසරය පිරිසිදු කිරීම, පැළ සිටුවීම සහ වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහන් පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින්.....
04th June 2018 16:03:55 පැය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩුපුස්සැල්ලාව, මීපනාව ඔයේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එන්.ඩබ්ලිව්.ඩි.යු. සම්පත් ගේ සිරුර සොයාගැනීමට සඳුදා (4) දින සන්ධ්‍යාවේ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය. 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එන්.ඩබ්ලිව්.ඩි.යු. සම්පත්, සිය මිතුරන් දෙදෙනෙකු සමඟ සෙනසුරාදා (2) දින මීපනාව උඩුපුස්සැල්ලාව......
31st May 2018 18:48:55 පැය
‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන බුත්තලදී ආරම්භ කරන ලදී.
31st May 2018 18:30:30 පැය
මූලතිව් දිස්ත්‍රික් අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය - 2018, අවසන් තරඟ සෙනසුරාදා (03) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය ජාතින් අතර සහජිවනය සහ සංහිඳයාව ඇතිකරලීමේ අරමුණින් යුතුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබීය.
31st May 2018 18:15:30 පැය
චීන අරමුදල් මත දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ඉදිකරන නව ශ්‍රවණාගාර සංකීර්ණය සඳහා තාක්ෂණික සහය ලබාදෙන චීන නියෝජිතයින් පිරිසක් බදාදා (30) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී එහි ඉදිකිරිම් පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළහ.
31st May 2018 17:15:30 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 5 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු භට පිරිස් විසින් සිකුරාදා (01) දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියළුම ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට.....