01st August 2018 13:45:36 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් නන්දිකඩාල් කලපුව ආශ්‍රීත වනාන්තරය අසල සෙනසුරාදා (29) දින රාජකාරි කරමින් සිටියදී සවස 4.30 ට පමණ මුවෙකුගේ කෑගසන විශාල ශබ්දයක් ඇසීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස් වනාන්තරයේ කෙළවරක වැටි සිටි මුවකුගේ ජිවිතය බේරාගැනීමට සමත්විය.
01st August 2018 12:45:36 පැය
මුලතිව් 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මුල්ලිවෛයික්කාල් ටයර් හන්දියේ අසල පිහිටි ක්‍රීඩාංගනය සෙනසුරාදා (28) දින භාරදෙනු ලැබීය.
01st August 2018 12:00:05 පැය
බාබඩෝස් ආරක්ෂක බලකාය සිය හොඳහිත සහ සුහඳත්වය සංකේතවත් කරමින්, විස්සයි විස්ස තරඟ 03 කට සහ පන්දුවාර 50 ක තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.
31st July 2018 13:13:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වසරේ ‘සිරිසර පිවිසුම’ ජාතිය ගොඩනැගීමේ ව්‍යපෘතියට අනුව.....
31st July 2018 12:19:17 පැය
පකිස්තානයේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සැරයන් මේජර්වරුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර ඔවුන් අද (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී සිය ගමනට ආශීර්වාද ලබාගත්හ.
30th July 2018 19:01:41 පැය
මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී දමිළ සහ මුස්ලිම් සිවිල් වැසියන් සඳහා වියළි සලාක මළු 7000 ක් බෙදාදීමේ කටයුතු බදාදා (25) දින සිදු කළ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් සහාය දක්වන ලදි.
30th July 2018 12:00:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවකයින් ඇතුලුව මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් 183 දෙනෙකුගේ තරඟ වැදුණු මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ධාවන පථයේ දී ඉරිදා (29) දින 13 වන වරටත් පැවැත් වු ‘ගනර් සුපර් ක්‍රොස් - 2018’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය සඳහා නරඹන්නන් රැසක් පැමිණ සිටියහ.
25th July 2018 16:00:24 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ කෝපායි ප්‍රදේශයේ ස්ථානගත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් යාපනය අර්ධද්වීපයේ පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
25th July 2018 16:00:12 පැය
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පසුගිය දින කිහිපයතුල හදිසියේ ඇතිවු ලැවු ගිනි කිහිපයක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සමත්විය. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලපිටිය ප්‍රදේශයේ.....
25th July 2018 15:59:51 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් රාජ්‍ය සහ පුද්ගලික ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව සෙනසුරාදා (21) දින කොළඹ 02 හි පිහිටි බේරේවැව සහ ඒ අවට.....