02nd January 2019 19:44:51 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ නවතමයෙන් පිහිටු වන ලද අංගම්පොර සටන් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව හැදැරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර ක්‍රීඩකයින් කතරගම පූජා භූමියේදී කතරගම දෙවියන් සඳහා වූ පුද පුජා සහ වත් පිළිවෙත් ඉෂ්ඨ කරමින් ඔවුන්ගේ පළමු අංගම්පොර සංදර්ශනය පවත්වනු ලැබූහ. මෙම සංදර්ශනය ඉරිදා (30) දින පැවැත්වු අතර එය නැරඹීම සඳහා කතරගම පුද භූමීයට රැස්ව සිටි විශාල බැතිමතුන් පිරිසක් හා විදේශිකයන් පිරිසක්ද එක්ව සිටියහ.
01st January 2019 18:27:47 පැය
යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති අලුත් අවුරුද්දේ පලමු වැඩකරන දින උත්සවයට සමඟාමිව දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන මගින් එම ආයතන මට්ටමින් අලුත් අවුරුදු උදාව සැමරිම සදහා වැඩසටහන් දියත් කරන ලදි.
01st January 2019 16:27:47 පැය
2019 නව වර්ෂය සඳහා රාජකාරි ආරම්භ කරමින් විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සදුදා (1) දින යුද්ධ හමුදා ඇඳුම් රෙගුලාසි (I හා II) පිළිබඳ සංස්කරණය කරන ලද මෙන්ම යාවත්කාලීන කරනු ලැබු අතිරේක රෙජිමේන්තු සේවා පිළිබඳ නව ග්‍රන්ථය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හට පිළිගන්වනු ලැබීය.
31st December 2018 17:12:59 පැය
කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වු සිවිල් වැසියන් පළාතේ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලබාදුන් සහයෝගයට ප්‍රශංසා කල අතර ඔඩ්ඩුසුඩාන්, වසන්තිපුරම්, පණ්ඩරාවනි, උදයාර්කට්ටුකුලම් දකුණ, සුගන්දිරපුරම්...
31st December 2018 16:59:33 පැය
සිය දූරයෙන් නික්මයන නාවික හමුදාධිපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සිකුරාදා (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත හමුදා කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව එතුමන් පිළිගත් ශ්‍රි ලංකා යුද්ධ හමුදා මූලස්ථාන බලඇණි...
30th December 2018 16:55:33 පැය
යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු 38 වෙනි ජාතික ස්කෝෂ් ශූරතාවලිය - 2018 පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි 27 සිට 30 දක්වා දින හතරක් පුරා පවත්වන ලද අතර, එම ශුරතාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, ජාතික ස්කොෂ් කමිටුව විසින් සිදු කල ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.
30th December 2018 16:49:33 පැය
උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධ හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් නිදහස් කිරීමේ ක්‍රියාවලියට අමතරව එම පළාත්හි යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් පිහිටි රජයට අයත් ඉඩම් ද කඩිනමින් නිදහස් කරන ලෙසට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් අතර.....
30th December 2018 16:10:33 පැය
පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රත්නපුරම්, ආනන්දපුරම්, භාරතිපුරම්, කලෙයිනගර්, උලවනූර්, මයිලවනපුරම්, කොලොන්ඩුපුරම්, කල්ලරු, ධර්මපුරම්, වැලිකන්ද, මරුසුමොටේ, කන්දවාලි, උරියන්, කන්දවේලී, නගෙන්දපුරම්...
29th December 2018 19:16:22 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 57 වන සේනාංකයේ 573 වන බලසේනාවට අයත් බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගයෙන් කන්දවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උරියන් සහ මුරුසමෝටෙයි ග්‍රාම සේවා බලප්‍රදේශයේ උරියන් බටහිර....
28th December 2018 14:30:22 පැය
නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ දෙවන අදියරය ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු සඳහා සන්නද්ධ හමුදාවන් භාවිතා කරන ලද තවත් ඉඩම් අක්කර 8.5 ක් නිදහස් කිරීම බ්‍රහස්පතින්දා (27) දින උදෑසන සිදු කරන ලදි. එහිදී නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ ලියකියවිලි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ඩී. එම්. සරත් අබේගුණවර්ධන මහතා....