04th March 2019 15:49:36 පැය
රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. අතිගරු ජනාධිපතිතුමා විසින් එම අවස්ථාවේදි එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා දශකයක කාලයක් අවසන් වීමත් සමඟම 2019 වර්ෂය ‘රණවිරු සැමරුම් වසර’ ලෙස ප්‍රකාශයට පත් කළේය.
04th March 2019 13:49:36 පැය
මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනිම උදෙසා ජිවිත පූජා කල විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 132 ක් සහ සෙසුනිලයින් 2268 ක් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් ඉරිදා (03) දින උදෑසන...
02nd March 2019 14:39:30 පැය
කොළඹ හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සහ විද්‍යාල සිසුන් Integrity Society, Mother Sri Lanka සහ මෙරට හා විදේශයන්හි ක්‍රියාත්මක වන විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සමඟ එක්ව ‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් සෙනසුරාදා (02) දින උදෑසන සංවිධානය කරනු ලැබූ ‘ක්‍රිකට් සටනට සමගාමීව පැවැති පාගමන...
28th February 2019 17:30:41 පැය
‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් සෙනසුරාදා (02) දින පැවැත්වීමට නියමිත ‘ක්‍රිකට් සටනට සමගාමීව ඇරඹෙන පාගමන - 2019’ ට සහභාගිවීමට යුද්ධ හමුදාධිපතිතුමාට ආරාධනා කිරීම සඳහා කොළඹ හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී. පරමේෂ්වරන් මහතා යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණියේය.
28th February 2019 16:56:44 පැය
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්ගේ ප්‍රධානී ශ්‍රී ලංකා සහ මාලදිවයින ජනරජයේ රුසියානු සමූහාණ්ඩු තානාපති ගරු යූරි බොරිසොවිච් මහතා (HE Mr Yuri Borisovich) බදාදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, දෙරටේ හමුදාවන් අතර පවත්නා සහයෝගීතාව තවදුරටත්...
28th February 2019 15:01:09 පැය
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව දීපව්‍යාප්ත පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුව පසුගියදා පැවැත්විණි.
27th February 2019 14:28:55 පැය
වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි පෙර පාසල් දරුවන් 400 කට අධික පිරිසක් වෙනුවෙන් ආරම්භ කරනු ලැබු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා ගේ අඛණ්ඩ ප්‍රජා ව්‍යාපෘතින් අතුරින් තවත් සුවිශේෂී වැඩසටහනක් වූ ‘පියවර’ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස 8 වන පෙරපාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉරට්ට ප්‍රදේශය ආසන්න පිහිටි අලගල්ල ගම්මානයේ ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
26th February 2019 16:16:32 පැය
තලගල ශ්‍රී සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ විසින් ලබාදුන් මූල්‍යමය ආධාරයන් යොදාගනිමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 663 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම උපයෝගි කරගනිමින් ජයපුරම් ප්‍රදේශයේ දුප්පත් පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
25th February 2019 18:41:21 පැය
මහනුවර, පල්ලකැලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය සඳුදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කෙරිණි. නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය...
25th February 2019 16:41:21 පැය
නිදන්ගත වකුගඩු රෝග සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ (CKDs) මූලිකත්වයෙන් මහනුවර ශීක්ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල මහල් 7 කින් සමන්විත ‘වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය’ සඳුදා (25) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී විවෘත කරන ලදී.