2018-11-07 15:57:05
වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018 ඔක්තෝම්බර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා දියතලාව වෙඩිපිටියේ දී පැවැති අතර අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ගැමුණු හේවා රෙජිමේන්තුවේ වෙඩික්කරුවන් සමත් විය.
2018-11-05 19:55:41
මුලතිව්, මුල්ලෙයාවේලි සහ කෝකිලායි ප්‍රදේශයන්හි පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් 320 දෙනෙකුට අධික පිරිසක් සඳහා ගණිතය විෂය පිළිබඳ සම්මන්ත්‍රණයක් මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය විසින් සෙනසුරාදා (03) දින මුල්ලෙයාවේලි ඌත්තන්කේනි පුල්ලෙයාර් කෝවිල් ශාලාවේ දී සංවිධානය කරනු ලැබීය.
2018-11-05 19:45:41
මඩු, තච්චානමරදමඩු ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන්ට මානුෂිය ආධාර ලබාදීමේ අරමුණින් 61 වන සේනාංක මූලස්ථානය කුන්ඩසාලේ පිහිටා ඇති ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 16 දෙනෙකු වෙත සෙනසුරාදා (03) දින 613 වන බලසේනා මූලස්ථානයේ පැවැති උත්සවයක දී කෘතිම අත්පා බෙදාදෙනු ලැබීය.
2018-11-05 17:20:16
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් සදහා ඉංග්‍රීසි පාඨමාලාවක් ඔක්තෝම්බර් 22 සිට නොවැම්බර් 05 දක්වා තොන්ඩමන් නගර් කඳවුරේදි පවත්වනු ලැබීය.
2018-11-05 17:00:16
’ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉරිදා (04) දින දියත් කරනු ලැබීය. මෙම වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කළහ.
2018-11-05 16:45:16
කුරුණෑගල, වැහැරවත්තේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සිය 28 වන සංවත්සරය රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් බ්‍රහස්පතින්දා (01) දින වැඩසටහන් මාලාවක් සමගින් අභීමානවත්ව සමරනු ලැබීය.සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති
2018-11-05 16:40:10
කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ෂික කඨීන පූජෝත්සවය පැවැත්වීම සඳහා 59 වන සේනාංකයේ භට පිරිස් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානයේ සංවිධායකත්වයෙන් ස්වාමින් වහන්සේලා 20 නමකට හිල් දානය පූජා කරනු ලැබීය......
2018-11-05 16:33:10
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ උපදෙස් මත භට පිරිස් විසින් කොළඹ විශ්ව පාරමී පදනමේ සහයෝගය ඇතිව හබරණ, සුරියගම පෙර පාසලේ සිසුන් සඳහා පරිගණයක් සහ පාසල් උපකරණ තොගයක් එම පෙර පාසල් පරිශ්‍රයේ දී බෙදාදෙනු ලැබීය.
2018-11-05 16:15:10
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් පුහුණු වැඩමුළුවක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දි නොවැම්බර් 01 හා 02 දෙදින තුළ පවත්වනු ලැබීය.
2018-11-05 16:05:10
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බ්‍රහස්පතින්දා (27) දින කඳුබොඩ, බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි......