2018-11-27 12:15:36
නව උසස් විම් ලැබු 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත සදුදා (26) දින 6 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.
2018-11-27 00:03:40
පසුගිය දින කිහිපයතුල පැවැති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය ජලයෙන් යටවී තිබු අතර යුද්ධ හමුදා සාමාජිකයින් චාවකච්චේරි නගර සභා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ තෙන්නමරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ...
2018-11-26 23:44:31
මින්නේරිය කාලතුවක්කු හමුදා බලඇණිය විසින් පාවිච්චියෙන් පසු ඉවතදමා තිබු කාලතුවක්කු දෙකක කොටස් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අවමංගල්‍ය උත්සවයන්හි දේහය රැගෙනයාමේ කාතුගැල් රථ දෙකක් සාදා නිමකල අතර එම කාතුගැල් රථ දෙක ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ...
2018-11-26 20:55:41
වැලිකන්ද, බෞද්ධ මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු චෛත්‍යය රාජ්‍යයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම සෙනසුරාදා (24) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙම උතුම් චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ ගේ ඉදිකිරීම් කටයුතු විශ්‍රාමික මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.
2018-11-24 21:55:04
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින සිසුන් වෙනුවෙන් අභිප්‍රේරණය හා ආතති කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබු අතර ඒ සදහා වවුනියා අධ්‍යාපන කලාපයේ දෙමළ සහ සිංහල පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු දරු දැරියන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා මනෝවිද්‍යා පර්යේෂණායතනයේ සාම්පත් දායකයින් විසින් නොමිලේ පවත්වනු ලැබීය.
2018-11-22 21:55:04
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 221 වන බලසේනාවේ සහයෝගය ඇතිව දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස (සා/පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා එක්දින...
2018-11-22 20:55:35
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් 68 වන සේනාංක මූලස්ථානයේ දී සඳුදා (19) දින විද්වත් කථිකාවතක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 45 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම විද්වත් කථිකාවත ආරම්භ කරමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත...
2018-11-22 19:55:36
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ අඟහරුවාදා (20) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.ඒ අනුව, 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර,....
2018-11-22 19:05:36
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරාච්ච් බදාදා (21) දින යාපනයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරතවූ අතර එහිදි රුපියල් ලක්ෂ 29 ක විටිනාකමින් යුතු නවීන යතුරුපැදි 3 ක් ප්රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ව 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි...
2018-11-22 18:55:36
වවුනියාව, දේශීය වෛද්‍ය රෝහලේ ආයුරුවේද පරිපාලන නිලධාරීන් කණ්ඩායමක් බදාදා (21) දින 61 වන සේනාංක මූලස්ථානයේ ඔසු උයනේ සංචාරයක නිරත විය. මෙම රෝහලේ පරිපාලක ටී. සර්වානන්දන් මහතා සහ එහි කාර්ය මණ්ඩලය උද්‍යාන පරිශ්‍රය නිරීක්ෂණය කල අතර ඔවුන් උද්‍යාන පරිශ්‍රයේ විරල ශාක වර්ග සහ විශේෂ වගා කිරීම පිළිබඳ...