2018-12-05 13:24:12
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න ගේ මූලිකත්වයෙන් කොළඹ මිතුරු පදනමේ සහයෝගීතාවය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් 170 දෙනෙකු දිරිගන්වමින් පාසල් උපකරණ, නිල ඇඳුම්, වතුර බෝතල්, මේස් යුවල් සහ අභ්‍යාස පොත් තොගයක් නොමිලේ බෙදාදෙනු ලැබීය.
2018-12-05 13:23:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘නායකත්ව හා වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය’ කිරීමේ පාඨමාලාව පුරා මාස දෙකකට අධික කාලයක් පැවැති අතර පාඨමාලාවේ සමාප්ති උත්සවය සිකුරාදා (30) දින පැවැත්විණි.කොමිෂන් නොලත් නිලධාරින් 30 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව, බටහිර ආරක්ෂක සේනා...
2018-12-04 19:09:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු ක්‍රීඩා කමිටුව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’, අඟහරුවාදා (4) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ අතර තරඟාවලිය සඳහා දිවයින පුරා පිරිමි අත්පන්දු කණ්ඩායම් 23 සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 5 ක් තරඟවැඳිමට නියමිතය.
2018-12-04 11:09:07
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සිකුරාදා (30) දින එම මූලස්ථාන බලප්‍රදේශය තුළ පළමු නිල සංචාරය සිදුකරනු ලැබීය. පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්...
2018-12-03 16:50:56
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය ඉකුත් සිකුරාදා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018-12-03 16:34:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම මත වන්නි ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා පාසල් නිල ඇදුම් හා අත්‍යාවශය උපකරණ තොගයක් බෙදාදෙන ලදි. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි....
2018-12-03 14:15:31
බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා දිවයිනට පැමිණි අතර එම නියෝජිත පිරිස බදාදා (28) දින ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වුහ.
2018-12-03 14:00:31
14 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක, පුත්තලම ප්‍රදේශයෙහි පිහිටි 143 වන බලසේනා මූලස්ථානයේ සහ 16 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිකුරාදා (30) දින සිය පළමු නිල සංචාරය සිදුකළහ.එම මූලස්ථානයන් වෙත සපැමිණි නව සේනාංකාපතිතුමන්, 143 වන බලසේනා බලසේනාධිපතිතුමන්, අණදෙන නිලධාරීන්....
2018-12-03 13:55:31
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ බඳගිරිය මහා විද්‍යාලයේ පාසල් ළමුන් 3000 කට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 122 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (30) දින පවත්වනු ලැබීය.122 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්. ආර්. එම්. එම්. රත්නායක....
2018-12-02 07:05:13
විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් සෙනසුරාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රථම රෙජිමේන්තු සේනාවිධායක මෙන්ම එම රෙජිමේන්තුවේ පළමුවන මේජර් ජෙනරාල් වරයාද වන මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්...