Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක්

    2018-12-08 20:32:56

    3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක්

    3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 27 වන සංවත්සරයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක් නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින අනුරාධපුර පිහිටි සිය මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබු අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 117 ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කරනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා අනුරාධපුර ශීක්‍ෂණ රෝහ‍ලේ කාර්ය මණ්ඩලය...

  • නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපතිතුමන් ක්ෂේත්‍ර සංචාරයක් අතරතුර ආගමික පූජකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ

    2018-12-08 20:32:56

    නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපතිතුමන් ක්ෂේත්‍ර සංචාරයක් අතරතුර ආගමික පූජකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ

    නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (06) දින 231 වන සහ 233 වන බලසේනා මූලස්ථානයේ සිදුකල සංචාරයක් අතරතුර මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය බලධාරීන් සහ සියලුම ආගමික පූජකවරුන් හමුවිය. සියලුම ආගම් කෙරෙහි ඉහළම ගෞරවයක් දක්වමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා නව ආඥාපතිතුමන්...

  • මැදිරිගිරියේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

    2018-12-07 23:15:29

    මැදිරිගිරියේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් විශ්‍රාමික මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහකත්වය ඇතිව මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙබියාව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ ඇතුලත් තෑගි පාර්සල් තොගයක් සිකුරාදා (30) දින මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ....

  • මධ්‍යම භට පිරිස් හදිසි ආපදා පෙරහුරු වැඩසටහනක

    2018-12-07 20:45:29

    මධ්‍යම භට පිරිස් හදිසි ආපදා පෙරහුරු වැඩසටහනක

    මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 115 දෙනෙකු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය, ආපදා කළමනාකරණ නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හදිසි නායයෑම් වලට ලක්වන හාලිඇල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශයන්හි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙර දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (04) දින පවත්වනු ලැබීය.

  • මධ්‍යම භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරයි

    2018-12-07 20:30:29

    මධ්‍යම භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කරයි

    මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙනවීමෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 8 වන ගැමුණු හේවා බළඇණියේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කළහ.

  • කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

    2018-12-07 20:15:29

    කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

    ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා (H.E David Mckinnon) බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවු අතර මෙම සුහද හමුව සඳහා කැනේඩියානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී පී. ගෝබිනාත් මහතා (Mr. P Gobinath) ද එක්ව සිටිහය.

  • නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    2018-12-06 18:30:15

    නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් බදාදා (05) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්. කුලතුංග, මනෝවිද්‍යා.....

  • යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

    2018-12-06 13:45:14

    යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

    හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී බදාදා (05) දින පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 5 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 58 ක් සහභාගි වූහ.

  • පුර්ණ හමුදා ගෞරව ආචාර මැද අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්ගේ අවසන් කටයුතු සිදු කරයි

    2018-12-06 13:18:14

    පුර්ණ හමුදා ගෞරව ආචාර මැද අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්ගේ අවසන් කටයුතු සිදු කරයි

    අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්ගේ අවසන් කටයුතු බදාදා (05) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සෙනසුරාදා (01) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්.....

  • නොපසුබට උත්සාහයෙන් රෝදපුටු ශූරයා අඹන්පොළට ළඟාවේ

    2018-12-06 10:34:58

    නොපසුබට උත්සාහයෙන් රෝදපුටු ශූරයා අඹන්පොළට ළඟාවේ

    නොපසුබට උත්සහයකින් යුතු 6 වන ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරු කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ සිව්වන දිනය ගිරිඋල්ල ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (06) දින උදැසන 8.00 ට පමණ ආරම්භ කරන ලදී.