2018-12-11 13:06:50
දියතලාව, සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලා අංක - 20 යටතේ මාස 8 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳුදා (10) දින පැවැත්විණි. බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින....
2018-12-11 11:18:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පූනරීන් ප්‍රදේශයේ ස්ථානගත 66 වන සේනාංක මූලස්ථානයේ සිය 9 වන සංවත්සරය සඳුදා (10) දින එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.
2018-12-11 10:18:46
පලාලි යුද්ධ හමුදා ජනපදය තුල අක්කර 10 ක භූමි ප්‍රමාණයක කොස් පැළ 500 ක් රෝපණය කර අර්ධද්වීපයේ ‘කොස් උයනක්’ ස්ථාපනය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය 306 බී2 සිංහ සමාජය සහ ‘හඳබිම’ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව, මෙම උද්‍යානයේ පැළ ලබාගැනිම සඳහා සඳුදා (03) දින....
2018-12-11 10:12:49
51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (07) දින සහ සෙනසුරාදා (08) දින වඩුක්කොඩෙයි රෝහලේ දී සහ කරෙයිනගර් සුබ්‍රමුනියම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා ජංගම අක්ෂි සායන දෙකක් සංවිධානය කළහ. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් හට සහයෝගය දැක්වීමේ අරමුණින් 51 වන...
2018-12-11 10:09:45
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ලෙදර් පන්දු තරඟාවලිය නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 6 දින දක්වා බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2018-12-11 10:09:29
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 75 දෙනෙකු සඳහා පැවැත්වූ විශේෂ පාබල ක්‍රියාන්විත සංස්කරණ පාඨමාලා අංක - IX සිකුරාදා (06) දින කල්‍යාණිපුර බලඇණි පුහුණු පාසලේ දී සාර්ථකව අවසන් විය.
2018-12-11 10:05:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැවත නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව ආරම්භ කරයි. දශක දෙකකට ආසන්න කාලයකට පසුව සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා තරුණ නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් දියතලාවේ දී නිලධාරී විශීෂ්ඨත්ව පාඨමාලාව (OPEC) පවත්වනු ලැබීය.
2018-12-10 10:10:01
මූලතිව් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ රැස්වීම්, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සඳහා දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව ශ්‍රවණාගාරය එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඉදිකර 2018 දෙසැම්බර් මස 6 වන දින විවෘත කරනු ලැබීය. 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට...
2018-12-09 09:22:21
නොපසුබට උත්සාහයෙන් 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ පස්වන දිනය වන සිකුරාදා (07) දින අඹන්පොළ ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර සවස 5.00 ට පමණ සාලියපුර පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථානය අභියස දී එම දිනයේ ගමන් අවසන් කල අතර වීරෝධාර රණවිරු කෝප්රල් ගැමුණු කරුණාරත්න...
2018-12-09 08:25:36
ශ්‍රී ලංකා අත්පන්දු ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වූ ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (08) දින සාර්ථකව නිමාවට පත්වූ අතර තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. තරඟාවලියේ අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති...