2018-12-13 19:33:14
Our Lady of Guadalupe පෙර පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අඟහරුවාදා (04) දින ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී ත්‍රිකුණාමලය බිෂොප් අති උතුම් ආචාර්ය නොයෙල් එමානුවෙල් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි බිෂොප් තුමන් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය ඇගයුමට ලක් කරමින් එතුමන් වෙත සමරුතිළිණයක් ප්රදානය කරනු ලැබීය.
2018-12-13 19:30:56
නොපසුබට උත්සහයෙන් හෙබි 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ගැමුණු කරුණාරත්න රෝදපුටු ශූරයා ප්රසංශාවට සහ ඇගයුමට ලක්කිරීමේ විශේෂ උත්සවයක් බදාදා (12) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ගජබා රෙජමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු...
2018-12-13 19:15:36
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාකයේ 10 වන සංවත්සරය සහ 68 වන සේනාංකයේ 09 වන සංවත්සරය පසුගියදා හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් සමගින් එම සේනාංක මූලස්ථානයන් හිදී අභිමානවත්ව සමරනු ලැබීය. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංකයේ සංවත්සර දිනයට සමගාමීව...
2018-12-13 18:36:38
වංචාවල පිහිටි පනාගමුව අමරසිංහ විද්‍යාලය වටා ආරක්ෂිත වැටක් 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන සහ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් දෙසැම්බර් මස 6 සහ 7 දෙදින තුල ඉදිකරනු ලැබීය. 16 වන ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මීටර 500 ක පමණ දිගින් යුතු ආරක්ෂිත වැටක් පාසල් භූමිය වටා ඉදිකරන ලදී.
2018-12-13 18:25:59
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථිත්‍රස්ත කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 23 යටතේ පුහුණුව හදාරන ශිෂ්‍ය නිලධාරීන් දෙසැම්බර් මස 9 දින සිට 11 දින දක්වා මූලතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවිය. දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු උපදේශකවරුන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම මූලතිව්....
2018-12-13 18:21:14
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (12) දින දියතලාව Torch Cinema ශාලාවේ දී පවත්වනු ලැබීය.
2018-12-13 18:16:08
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිය ධූරයේ රාජකාරි භාරගැනීමේන් අනතුරුව සිදුකරනු ලබන පළමු නිල සංචාරය 12 වන සේනාංකයේ සහ එම සේනාංක බලප්‍රදේශයේ දෙසැම්බර් මස 11 සහ 12 දෙදින තුල සිදුකරනු ලැබීය.
2018-12-12 10:32:03
නොපසුබට උත්සහයකින් යුතු 6 වන ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරු කෝප්රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කරමින් දින අටක අති දුෂ්කර අභියෝගාත්මක ගමන අඟහරුවාදා (11) දින පේදුරුතුඩුවෙන් සාර්ථකව....
2018-12-12 08:05:34
ටීවී දෙරණ මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරනු ලබන සහනාධාර සැපයීමේ බහුකාර්ය ප්රජාසත්කාරක වැඩසටහනක් වන ‘මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහන කණ්ඩාවලෛ’ සෙනසුරාදා (08) දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි උලවනුර් තම්පිරාස විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
2018-12-11 15:06:50
බටහිර ආක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 32 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC) විසින් පවත්වනු ලැබු කැමරාකරණ, අලෝකකරණය සහ සංස්කරණය පිළිබඳ දින 10 ක පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 26 දින සිට දෙසැම්බර් මස 7 දින දක්වා පවත්වනු ලැබීය.