2018-12-16 16:22:36
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නොවැම්බර් මස 11 දින සිට 13 දින දක්වා බලප්‍රදේශයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදි ආගමික පූජකවරුන්, විවිධ පාර්ශවකරුවන් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත...
2018-12-14 18:56:50
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පිලියන්දල ප්‍රසාද් නිමි ඇඳුම් නිෂ්පාදිත ආයතනයේ එම්.කොළඹගේ මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව පෝෂදායි ආහාර, ඇඳුම් සහ අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් නන්දිමිත්‍රගම, නාමල්ගම, සැළලිහිණිගම, බෝගස්වැව 1, බෝගස්වැව 2, කොක්එලිය සහ ඕමන්තේ ප්‍රදේශයේ...
2018-12-14 18:00:50
ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු සෙනසුරාදා (15) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් වර්ෂ 1957 ඔක්තෝම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට දෙවන ලුතිතන්වරයෙකු ලෙස එක්වූ අතර වර්ෂ 1988 දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය. විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු යුද්ධ හමුදා දිවිය තුල උසස් තනතුරු රැසක් හොබවා ඇත. එතුමන්...
2018-12-14 17:56:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 67 වන සංවත්සරයට සමගාමීව සිකුරාදා (07) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ‘රණවිරු’ සැමරුම් උත්සවයක් පනාගොඩ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සංවිධානය කරන ලදී. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මූල්‍ය කලමණාකරන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහභාගි විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත....
2018-12-14 16:56:50
පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ සහ ජනප්‍රිය කිරීමේ අරමුණින් පැවැත්වෙන පස්දින වැඩමුළුවේ සමාරම්භක උත්සවය බදාදා (12) දින ඉරණපලෙයි මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර මෙම වැඩමුළුව සඳහා මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සමාජ 20 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වූහ.
2018-12-14 15:56:50
උතුරු මැද පළාත් පාසල් කනිෂ්ඨ ශිෂ්‍යභටයින් 400 කගේ විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (13) දින පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ පුලතිසිපුර ජාතික විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගිවූ අතර පෙළපාලිය සඳහා කණ්ඩ 16 කට අයත් ශිෂ්‍යභටයින් 400 ක් සහභාගි වූ අතර උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් ශිෂ්‍යභට නිලධාරීන්..
2018-12-14 14:56:50
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දියතලාව නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසහනක් අඟහරුවාදා (11) දින දියත් කළහ.
2018-12-14 13:56:50
කොට්ටඩි විනයාගර් පූල්ලෙයාර් හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයේ අවසන් පූජාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහභාගි වූ අතර මෙම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය, තාවකාලික කූඩාරම් ඇතුළු අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යුද්ධ හමුදාව සහයෝගය ලබාදුන්හ.
2018-12-14 12:56:50
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු ආපදා කළමණාකරන පාඨමාලාවේ අවසන් දේශනය ඉරිදා (09) දින මූතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
2018-12-14 11:56:50
යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය පරිශ්‍රයේ දින හතරක කාලයක් පුරා (දෙසැම්බර් මස 8 දින සිට 11 දින දක්වා) බාලදක්ෂ කඳවුරක් පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.