2019-01-06 08:00:52
හේනානිගල, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බළමුළු පුහුණු පාසලේ පාඨමාලා අංක 23 සහ 24 යටතේ සාර්ථකව මූලික පුහුණුව ලද යුද්ධ හමුදා සාමාජිකයින් 543 දෙනෙකු 2018 දෙසැම්බර් 29 දින සිය පාඨමාලා අවසානයේ විසිර ගියහ.
2019-01-04 15:24:11
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ උතුරේ ගංවතුරට ගොදුරු වූවන් සඳහා ලබා දුන් අඛණ්ඩ සුභසාධන කටයුතු වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාව, පොළීසිය, සියලුම පළාත්වල ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, ස්වෙච්ඡා සංවිධාන සහ සියළුම පාර්ශවයන්ට සිය ස්තුතිය පුදකරනු ලැබු බවයි.
2019-01-04 14:11:14
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සේනපාල සමරසේකර කනිෂ්ඨ විද්‍යාලය, පෑනගමුව අමරසිංහ විද්‍යාලය සහ මීගොඩ සර්වමිත්‍ර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 153 දෙනෙකු සඳහා යුද්ධ හමුදා සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම මත ‘Together We Move’ සංවිධානය මගින් අනුග්රහක දායකත්වය මගින් නව වසරට සිසුන් දිරිගැන්වීමක් වශයෙන් අභ්‍යාස පොත් සහ ක්‍රීඩා භාණ්ඩ තොගයක් පිරිනමනු ලැබීය.
2019-01-03 16:04:32
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට වැඩි පිරිසකගේ දායකත්වයෙන් සඳුදා (31) දින පේරාදෙණිය ජාතික අධ්‍යාපන ආයතනයේ දී පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2019-01-03 15:04:32
ශ්‍රි ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු (පිරිමි) සහ අන්තර් ඒකක (කාන්තා) එල්ලේ ශුරතාවලිය, 2018 දෙසැම්බර් 27 – 31 දින දක්වා සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන ක්‍රීඩා පිටියේදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2019-01-02 20:10:46
යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ පාඨමාලාවන් හැදෑරු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 187 දෙනෙකු පුහුණුව අවසානයේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති විචිත්‍රවත් විසිරියාමේ පෙලපාලියකින් විසිර ගියහ. එහිදි, උසස් ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලා අංක 10, උපදේශක පාඨමාලා...
2019-01-02 20:01:30
2019 නව වසර ආරම්භයත් සමඟ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය අර්ධද්වියේ සිටින සුදුසු කම් ලාභි ශිෂ්‍යයන් 10 දෙනෙකුට අලුත් අවුරුදු දිනයේදි නව පාපැදි 10 ක් බෙදාදෙනු ලැබීය. නව අවුරු උදාව ඇරඹුමත් සමග වැඩ කරන පළමු දිනයේ දී, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින්...
2019-01-02 19:10:46
පල්ලේකැලේ 11 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු බෝධි ප්‍රාකාරය සහ බුදු පිළිම වහන්සේ නිරාවරනය කිරිම මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදුකරමින් 2018 දෙසැම්බර් මස 21 දින සිදු කරනු ලැබීය.මෙහිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර...
2019-01-02 18:10:46
ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා පුහුණු පාසලේ සැප්තැම්බර් 20 දින සිට දෙසැම්බර් 21 දින දක්වා මාස තුනක කාලයක් පැවැති ‘ලිපිකරු පාඨමාලා අංක - 58’ ඉකුත් 21 වැනි දින එම පුහුණු පාසල් ශ්‍රවනාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම පාඨමාලාව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු (නිත්‍ය සහ ස්වෙච්ඡා) නියෝජනය...
2019-01-02 17:07:27
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ රාජකාරියේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර සුහදශීලිත්වය වර්ධන කිරිමේ අරමුණින් සංවිධානය කරණු ලැබු විනෝද චාරිකාව, 2018 දෙසැම්බර් මාසයේ අවසන් සතියේ පැවැත්විණි.