2019-01-19 12:24:20
නුවර, බූවැලිකඩ ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ පැවැති නිලධාරීන් සඳහා වන Mid-Career පාඨමාලා අංක - 04 හී සමාප්ති උත්සවය යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) දින පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරීන් සහ උපදේශක නිලධාරීන්ගේ...
2019-01-19 10:24:20
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සුභසාධන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනීමින් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් සිකුරාදා (18) දින පැවැති කෙටි උත්සවයකින් පීත්ත පටිය කපා විවෘත කරන ලදී.
2019-01-17 22:41:59
මුත්තුවෙල් සහ නාරහේනපිට යුද්ධ හමුදා නිල නිවාස සංකීර්ණයන්හි දැනට සිදුකරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳව සොයා බැලීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන බදාදා (16) දින සංචාරයක නිරත වූ අතර එහිදි පදිංචිකරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.
2019-01-17 18:15:18
උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හින්දු බැතිමතුන් සමඟ එක්ව අඟහරුවාදා (15) දිනට යෙදුණු තෛපොංගල් උත්සවය එම ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල ළමුන් සහ ආබාධිත පුද්ගලයින්ට උපකාර කිරීම් ඇතුළු සුභසාධන වැඩසටහන් රැසක් සමගින් උත්සවාකාරයෙන් සමරන ලදී. ඒ අනුව, තෛපොංගල් උත්සවයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා ආඥාපති....
2019-01-17 17:15:18
කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් වසර 21 ක සේවාකාලයකින් පසුව නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 431 ක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම මෙන්ම අනාගත පුහුණු සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි.
2019-01-17 16:15:18
හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.ඩි.කේ ජයතිලක බදාදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී. නව සේනාංකාධිපතිතුමන් වෙත සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනමනු ලැබීය.
2019-01-17 16:15:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්යක්ෂ මණ්ඩලයේ 19 වන අධ්යක්ෂතුමන් ලෙස බ්‍රිගේඩියර් පී.ඒ. ධර්මශ්‍රී කහපොළ බ්‍රහස්පතින්දා (10) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ ලදී.
2019-01-17 15:15:18
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල සිය 34 වන සංවත්සරය සඳුදා (14) දින වැඩසටහන් මාලාවක් ද සමගින් අභිමානවත්ව සමරන ලදී.
2019-01-17 14:15:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම හිටපු විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිසේන 2018 දෙසැම්බර් මස 26 වන දින කුඩාවැව ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරතවිය.
2019-01-16 15:36:30
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරත්න නායක ස්වාමින් වහන්සේගේ අනුග්‍රහකත්වය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුලක් වෙනුවෙන් 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවස සඳුදා (14) දින පැවැති උත්සවයක දී එම පවුල වෙත භාරදෙන ලදී.