2019-02-01 10:23:51
පුනරීන් ප්‍රදේශයේ පිහිටි පලාලී දේවස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ඉරිදා (27) දින 661 වන බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදි.
2019-02-01 08:23:51
යුද්ධ හමුදා මූලස්ථානයේ නව පුනරුත්ථාපන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා සඳුදා (21) දින පැවැති කෙටි උත්සවයකදී සිය ධුරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, පුනරුත්ථාපන අධ්යක්ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ශාන්ත තිරුනාවුකරුසු පසුගියදා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත්...
2019-01-31 21:57:01
බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද රූපවාහිනී කාමරයක්, ආපනශාලාවක් සහ සමාජ ශාලාවකින් සමන්විත සුඛෝපභෝගී ගොඩනැගිලි සංකීර්ණය...
2019-01-31 21:52:57
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය (SLAC-SVU) එක්ව 2017 වර්ෂයේ දී අලි ප්‍රහාරයකට ලක්ව නිවස විනාශයට පත්වූ වැලිඔය ප්‍රදේශයේ පදිංචි 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු ලාන්ස් කෝප්රල්වරයෙකු වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.
2019-01-31 21:50:57
හෝමාගම ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල සහ ත්‍යාග ප්රදානෝත්සවය බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) දින පැවැත්විණි.
2019-01-31 21:49:35
කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අතිරේක ආදායමක් උපයා ගැනීමට මෙන්ම ඔවුන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් ප්‍රාදේශීය කෘෂිකාර්මික නිලධාරීන් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු මී මැසි පාලනය පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (29) දින උදෑසන 57 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-01-31 21:49:04
මඩකලපුව ශාන්ත මිචෙල් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අනුර ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) දින පැවැත්විණි.
2019-01-31 21:46:59
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව වවුනියාව ප්‍රදේශයේ පිහිටි 61 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 77 ක සමාජිකයින් 300 ක පමණ පිරිසක් සඳහා ජනවාරි මස 17 දින සිට 20 දින දක්වා වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී.
2019-01-31 21:44:52
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා ‘සමාජ සාරධර්ම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (30) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-01-30 20:48:19
ආරක්ෂක අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව සහ යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන්, කිලිනොච්චි ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ මානූෂීය ව්‍යාපෘතියේ දෙවන අදියර, ජනවාරි මස 23 දින සිට 25 දින දක්වා...