2019-02-24 13:55:57
ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සම්මේලනයේ ජාතික සම්මාන ප්රදානෝත්සවය ඉරිදා (24) දින මීගමුව, කටුනායක ප්‍රදේශයේ පිහිටි Eagle Lagoon View හෝටලයේ දී පැවැති අතර එහිදි MX 250 CC යුද්ධ හමුදා යතුරුපැදි ධාවකයින් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්රල් නිහාල් විජේරත්න සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා වෙත ජාතික ශූරතා සම්මාන ප්රදානය කරන ලදී.
2019-02-24 12:55:57
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පසුගිය සිකුරාදා (22) දින දෙල්ගොඩ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරතවිය. මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් අනුර නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මූලස්ථානයේ...
2019-02-23 19:21:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ හිටපු මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්. සිල්වාගේ අවසන් කටයුතු සෙනසුරාදා (23) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. හමුදා ගෞරව මධ්‍යයේ සිදුකරනු ලැබු මෙම අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු සඳහා....
2019-02-22 17:50:50
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්-හමුදා සහයෝගීතා ප්‍රජා සත්කාරක වැඩසටහනයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ පිහිටි කොඩිකාමන් දුරගමාලී පෙර පාසල, කලෙයිවානි ප්‍රජා මධ්‍යස්ථානය, තිරුමල්වාර් ප්‍රජා මධ්‍යස්ථානය සහ ලිගෝරිආ (Ligoria) ධීවර සමිතිය වෙත අත්‍යවශය ගෘහභාණ්ඩ තොගයක් පසුගියදා ප්රදානය කළහ.
2019-02-22 17:35:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ වොලිබෝල් ක්‍රීඩා කෞෂල්‍ය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය - 2019 හී සමාප්ති උත්සවය බදාදා (20) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
2019-02-22 17:17:56
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ ධානපතියෙකු වන කාන්තන් මහතාගේ අනුග්‍රහකත්වය ඇතිව පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තඩ්ඩුවනකොඩ්ඩෙයි සහ මුරුසුමොටෙයි ප්‍රදේශයන්හි සිවිල් වැසියන් 66 දෙනෙකු වෙත නූඩ්ල්ස්, කිරිපිටි, සීනි....
2019-02-22 16:42:27
ත්‍රිකුණාමලය ශ්‍රී තිරුක්කායි අම්බල් හින්දු කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීම සඳහා 22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය සහයෝගය ලබාදුණි. ඒ අනුව, පූජාව පැවැත්වීමට පෙර අඟහරුවාදා (19) දින 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත....
2019-02-22 16:35:29
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රාජකාරී, වගකීම් සහ කාර්යභාර්ය පිළිබඳ දැනුවත්වීම සඳහා පෙබරවාරි මස 21 සහ 22 දිනයන්හි සංචාරයක නිරතවිය.
2019-02-22 16:28:29
ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මූලික දැනුම ලබාගැනීමේ අරමුණින් මීන්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ පෙබරවාරි මස 15 සහ 16 දිනයන්හි සංචාරයක නිරතවිය.
2019-02-21 16:58:50
කිළිනොච්චි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයින්ගෙන් උපදෙස් මත කෘමි නාශක හෝ කෘෂි රසායනික නොමැතිව වගා කළ හැකි ‘ස්වයංජාත’ බීජ ප්‍රභේදය නැවත හඳුන්වා දීම කිළිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 64 දෙනෙකුන් වෙත ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සමඟ සදුදා (18) දින කිළිනොච්චියේදි පවත්වනු ලැබීය. ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමේ අරමුණින් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය වෙතින් මූලික පියවර ගෙන...