2019-02-26 12:24:22
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු තවත් සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය සෙනසුරාදා (23) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන පරන්ගියවාඩිය විද්‍යාලයේ ඉගෙනුම ලබන තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 100 දෙනෙකු වෙත පාසල් පාවහන් මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් ප්රදානය කරනු ලැබීය.
2019-02-26 12:10:22
ත්‍රිකුණාමලය මිහිඳු විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහභාගි විය.
2019-02-26 12:02:22
මහනුවර ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ‘Kandy School Millennium – 2000’ සංගමය විසින් දියත් කරන ලද රුධිර පරිත්යාජග වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය සහයෝගය ලබාදුන්හ.
2019-02-26 11:24:39
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘වනරෝපා’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංක මූලස්ථානය සෙනසුරාදා (23) දින පරාක්රමපුර - වැලිඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවනු ලැබීය.
2019-02-26 10:24:22
කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුව කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 70 කට අධික පිරිසක් පසුගියදා 66 වන සේනාංක මූලස්ථානයේ මූලික සැරහුම් මධ්‍යස්ථානයේ දී රුධිරය පරිත්‍යාග කළහ.
2019-02-26 09:24:22
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා හෘද පෙනහළු පණගැන්වීම (Cardiopulmonary Resuscitation) පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් සෙනසුරාදා (23) දින පැවැත්විණි.
2019-02-26 08:24:22
මාස ගණනාවක් පූරා අංගම්පොර සටන් කලාව පිළිබඳ මනා පුහුණුවක් ලැබු කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් සිකුරාදා (22) දින ප්‍රථමවරට රාවණා රණකෙළි පූජාව නමින් වර්ණවත් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලා ප්‍රදර්ශණයක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉදිරිපත් කරන ලදි.
2019-02-25 15:00:47
සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය...
2019-02-25 14:39:19
සුහදත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යාපනයේ අර්ධද්වීපයේ හින්දු බෞද්ධ සංස්කෘතික සංගම්වලට සම්බන්ධ තරුණ තරුණියන් 300 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා ඉරිදා (24) උදෑසන යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සිංහල...
2019-02-24 21:55:57
ආසියානු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටයන් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහිදී මීටර් 100 ඉසව්ව තත්පර 10.22 ක කාලයකින් නිමා කරමින් නව ජාතික වාර්ථාවක් පිහිටුවීමට 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බොම්බොඩි හිමාෂ එෂාන් සමත් විය.