2019-03-04 00:23:03
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 25 ක් වෙත සංකේතාත්මකව රෙජිමේන්තුවට ආවේනික නිල ලාංඡන පැලඳවීමේ විශේෂ උත්සවයක් බ්‍රහස්පතින්දා (28) දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී සිදු කෙරිණි.
2019-03-04 00:22:03
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය - 2019 හි අවසන් තරඟය පෙබරවාරි මස 28 වන දින මන්නාරම පිහිටි 54 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2019-03-04 00:16:54
ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා බ්‍රහස්පතින්දා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී ඇරඹූහ.සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනැමීය. අනතුරුව, සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාංකාධිපතුමන් සිය ධූරයේ රාජකාරී භාරගත්හ.
2019-02-27 16:07:35
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විශ්‍රාමික හා නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් සහ ඔවුන්ගේ පවුල්වලට කෘෂි ස්වයං රැකියා අවස්ථාවක් උදාකරමින් ආරක්ෂක අමාත්‍යංශයේ විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සුභසාධන ව්‍යාපෘතිය (කෘෂිකර්ම) සමඟ සම්බන්ධතාවයෙන් මී මැසි පාලන...
2019-02-27 14:07:35
කුලියාපිටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක බදාදා (27) දින සන්ධ්‍යාවේ ඇතිවූ හදිසි ගින්නක් පිළිබඳව පොලිසිය සහ ගිනි නිවන ඒකකය විසින් දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ 14 සේනාංකය යටතේ ස්ථාපිත 143 බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2019-02-26 13:24:28
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම මත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන ගජබා රෙජිමේන්තුවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මෙන්ම 663 වන බලසේනාවේ සම්බන්ධිකරණය ඇතිව පරන්තන් ද්‍රවිඩ...
2019-02-26 13:14:22
623 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් පි.ජි.පි.එස් රත්නායක ආගමික වතාවත් මධ්‍යයේ අඟහරුවාදා (12) දින බලසේනා මූලස්ථානයේ පැවැති චාම් උත්සවයකදී නව තනතුරේ රාජකාරි භාරගත්හ. හිටපු බලසේනාධිපති කර්නල් ප්‍රසන්න ගුණරත්න ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස පත්වීමෙන් පසු කර්නල් පි.ජි.පි.එස් රත්නායක මෙම තනතුරට පත්විය.
2019-02-26 13:09:40
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී සඳුදා (පෙබරවාරි මස 25) දින පූජ්‍ය දියසේන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලක්විරු භාවනා වැඩසටහනේ (4 වන සැසිය) තවත් එක් අදියරක් පැවැත්විණි.
2019-02-26 13:04:22
නව යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්යක්ෂ ලෙස කර්නල් කේ.පී.එන්. පතිරණ ආගමික වතාවත් මධ්‍යයේ බදාදා (27) දින පැවැති සරල උත්සවයකදී රාජකාරි අරඹන ලදී.
2019-02-26 12:40:22
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා (23) දින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් පවත්වන ලදී.ඒ අනුව, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්...