Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • කැනේඩියානු මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    2018-06-27 16:09:29

    කැනේඩියානු මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා ඇතුළු කොළඹ පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් අගහරුවාදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී පශ්චාත් යුද සමයේ ආරක්‍ෂක හමුදාවන්හි වගකීම් හා කාර්යභාරය මෙන්ම......

  • කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය 9වන සංවත්සරය සමරයි

    2018-06-26 21:44:38

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය 9වන සංවත්සරය සමරයි

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 9 වන සංවත්සරයට ආශිර්වාද පතා සිකුරාදා (22) වන දින පිරිත් පිංකමක් සංවිධානය කළ අතර, වර්ණවත් හා සංස්කෘතික නර්ථන කණ්ඩායමකින් සමන්විත පෙරහැරක් මගින් මහා සංඝරත්නය සම්ප්‍රදායික පිරිත් මණ්ඩපය වෙත වැඩමවා ගෙන එන ලදී.

  • මූතුර් හි ඩෙංගු මර්ධනය සඳහා 224 වන බලසේනාවේ භටපිරිස් හි දායකත්වය

    2018-06-26 21:43:38

    මූතුර් හි ඩෙංගු මර්ධනය සඳහා 224 වන බලසේනාවේ භටපිරිස් හි දායකත්වය

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ 24 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්, මුතුර් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමඟ සහයෝගයෙන් එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සෙනසුරාදා (23) දින ක්‍රියාත්මක කරන ලදි.

  • මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් තවත් නිලධාරින් 22 ක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පුහුණුව ලබාදේ

    2018-06-26 21:42:38

    මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් තවත් නිලධාරින් 22 ක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පුහුණුව ලබාදේ

    යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධිකරණයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරිමේ වැඩසටහනක් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර එම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 22 ක් සහභාගිවිය.

  • යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය සමරයි

    2018-06-26 17:44:38

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය සමරයි

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය වෙනුවෙන් 2018 ජූනි මස 17 දින සිට 25 දින දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ජූනි මස 17 දින රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු පුෂ්පෝපහාර උත්සවයත් සමඟින් මෙම වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර, ඊට පසු දින (18) පිරිත් සජ්ඣායනාවක් සහ බෝධි පූජා පිංකමක් ඇතුලු ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

  • මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරු සෙබළුන් 166 දෙනෙකු විසිරයති

    2018-06-26 16:23:49

    මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරු සෙබළුන් 166 දෙනෙකු විසිරයති

    මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 63 සාර්ථකව හැදෑරු නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 156 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය පසුගියදා පැවති අතර මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහභාගි වුහ.

  • යාපනය භට පිරිස් වෙනුවෙන් තවත් පරිගණක පාඨමාලාවක්

    2018-06-26 15:23:49

    යාපනය භට පිරිස් වෙනුවෙන් තවත් පරිගණක පාඨමාලාවක්

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, ඔරියන්ට් ලංකා ඇකඩමි ආයතනය සමඟ සම්බන්ධිකරණයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සෙබලුන් වෙනුවෙන් තවත් පරිගණක පුහුණු පාඨමාලාවක් ජූනි මස 01 වන දින සිට 25 වන දින දක්වා 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වන ලද අතර එම පාඨමාලාව සාර්ථකව අවසන් කල භට පිරිස් සඳහා සහතික පත් ප්‍රදානෝත්සවයක් ද පවත්වන ලදී.

  • සෙබලුන් යාපනය රෝහල වෙත රුධිරය පරිත්‍යාග කරයි

    2018-06-26 13:37:08

    සෙබලුන් යාපනය රෝහල වෙත රුධිරය පරිත්‍යාග කරයි

    දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන අතරින් පැරණිතම ආරක්‍ෂක සේනා මුලස්ථානය වන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 22 වන සංවත්සරය වෙනුවෙන් සෙනසුරාදා (23) වන දින යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපත උදෙසා ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

  • 58 වන සේනාංකයේ භට පිරිස් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කරයි

    2018-06-25 15:52:07

    58 වන සේනාංකයේ භට පිරිස් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කරයි

    බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ගාල්ල ප්‍රදේශයේ ස්ථානගත 58 වන සේනාංකයේ භට පිරිස් දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ සහයෝගය ඇතිව සිවිල් වැසියන් ද සමඟ එක්ව සෙනසුරාදා (23) දින ගාල්ල ගංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේ දී 58 වන සේනාංකයේ භට පිරිස් ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ වෙරළ තීරයආවරණය කරමින් පිරිසිදු කරනු ලැබීය. ගිංතොට වෙරළ තීරයේ අපවිත්‍රාතාවය පිළිබඳ.....

  • නුවර දී පැවැති ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා මධ්‍යම භට පිරිස්හි සහය

    2018-06-25 14:35:47

    නුවර දී පැවැති ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා මධ්‍යම භට පිරිස්හි සහය

    ජාත්‍යන්තර ඕලිම්පික් දිනයට සමගාමීව ජූනි මස (23) දින ශ්‍රී ලංකා ඕලිම්පික් සංගමය විසින් නුවරදී සංවිධානය කරනු ලැබු ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 179 ක් සහභාගි විය. සංවිධායක කමිටුව විසින් යුද්ධ හමුදාධිපති තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් මේ සඳහා සහභාගි වූ අතර මෙම ‘ඕලිම්පික් මාර්ගධාවන තරඟය - 2018’ බෝගම්බර ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී.....