2019-03-08 11:24:20
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියට අනුව දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු ආහාර පිසීමේ විශේෂඥයන්, සුපවේදීන් හා කෝකිවරුන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 89 දෙනෙකුට අධික පිරිසක් සඳහා ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදීමේ තවත් වැඩමුළුක් බදාදා (27) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පැවැත්විණි.
2019-03-07 12:22:20
බිගු සම්පත් සුරකිමු සංගමය සහ ආරක්ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව 57 වන සේනාංක මූලස්ථානය විසින් දියත් කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක්....
2019-03-06 23:16:54
ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චෙන් ෂුයූන් (HE Cheng Xueyuan) සහ නව ධූරයේ රාජකාරී භාරගත් උතුරු පළාත් අණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2019-03-06 21:55:43
අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලියේ අවසන් තරඟ පසුගිය පෙබරවාරි මස 27 සහ 28 දිනයන්හිදී තංගල්ල, මැඩැල්ල වෙරළ තීරයේ දී පැවැති අතර එහිදි තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් සමත්විය.
2019-03-06 20:55:43
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය විසින් ‘රූපලාවන්‍ය ශිල්පය’ පිළිබඳ කිලිනොච්චි ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය සඳුදා (04) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-03-06 20:51:43
කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමේ අරමුණින් 574 වන බලසේනාවේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි සහයෝගය ඇතිව 57 වන සේනාංක මූලස්ථානය විසින් ‘ඇන්තූරියම් මල් වගාව’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ඉරිදා (03) දින ප්‍රදේශයේ....
2019-03-06 15:46:09
නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගිය සිකුරාදා (28) දින 11 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2019-03-06 15:15:13
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 652 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු ‘කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය පසුගිය අඟහරුවාදා (26) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
2019-03-06 14:46:09
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මහා ශිව රාත්‍රි දිනයට සමඟාමීව සඳුදා (4) දින කතරගම මහා දේවාල පරිශ්‍රයේ පැවැත්වූ විශේෂ පූජාවට බැතිමතුන් සමඟින් එක්වෙයි.
2019-03-06 13:46:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත පෙබරවාරි මස 15 දින සිට මාර්තු මස 2 දින දක්වා ආගමික වතාවත් මධ්‍යයේ අභිමානවත් අයුරින් සමරනු ලැබීය.