2019-03-30 14:36:55
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානයේ නිළධාරීන් 12 දෙනෙකුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 262 නෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (29) දින ශ්‍රී පාදස්ථානයට....
2019-03-29 18:12:13
යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ තුමන්ගේ උපදෙශ් මත මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නියෝජිතයින් පිරිසක් විසින් පැවරුම් සඳහා පුහුණුව ලැබූ යුද්ධ හමුදා නිලධාරීන් 56 දෙනකුන් හට වාහන දුම් පරීක්ෂණ සිදු කිරීමේ නව වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රයෝගික දැනුමක් ලබාදී ඇත.යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ කර්නල් හිරෝස වනිගසේකරගේ නව ප්‍රවේශයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදි.
2019-03-29 17:49:41
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කල්ලඩි පිහිටි 541 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය හා මන්නාරම ප්‍රදේශයේ පිහිටා ඇති 542 වන බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් හට නවතමයෙන් ඉදිකරන ලද...
2019-03-29 14:49:42
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සදුදා (25) දින අභාවප්‍රාප්ත වූ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් කේ. කුමාරස්වාමි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 515 බලසේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරයි.
2019-03-29 11:49:42
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 14 වන සේනාංකයේ ප්‍රධාන මණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් එම්.බී.බී.එන් හේරත් විසින් පෞරුෂ සංවර්ධනය, කළමනාකරණය හා නායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ දේශනයක් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්වූ අතර. විශ්ව විද්‍යාලයේ වෘත්තීය....
2019-03-29 10:49:42
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන අංශය සහ රෝහලේ දැඩිසත්කාර ඒකකය මෙන්ම වේදනා කළමණාකරණ ඒකකය ඒකාබද්ධව පවත්වන ලද වසරේ පළමු වැඩමුළුව ලෙස උසස් ජීවන සහය පිළිබඳව එක් දින වැඩමුළුවක් සේවාස්ථ වෛද්‍ය සංසඳය බදාදා (27) දින පවත්වන ලදි. මෙම වැඩමුළුව වෛද්‍ය විද්‍යාවේ යාවත්කාලීන කිරීම් පිළිබඳව....
2019-03-28 16:02:10
පාකිස්ථාන යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයින් පිරිසක් සදුදා (25) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍ය පීඨයේ සංචාරයක නිරත වු අතර, එහිදි සපැමිණි පිරිස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න හා 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. මෙම සංචාරය සඳහා....
2019-03-28 16:00:44
අම්පාර ප්‍රදේශයේ ‘බුද්ධංගල සමාධි බුද්ධ ප්‍රථිමා මාවත’ නමින් එම ගම්මානයේ විහාරස්ථානයට පිවිසෙන මාර්ගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කොන්ක්‍රීට් අතුරා සකස් කිරිමෙන් අනතුරුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන්ගේ ආරාධනයකට අනුව මාර්ගය කර විවෘත කිරිම සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ....
2019-03-28 15:58:28
2019 අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ක්ෂෙත්ර හමුදා රෝහලේ කාර්යභාරය නිරික්ෂණය කිරිම සඳහා සෙනසුරාදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි රෝහල් කාර්යය මණ්ඩලය අමතමින් කෙටි දේශනයක්ද....
2019-03-28 15:10:03
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාශය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාශය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාශය සඳහා....